විශේෂාංග
වැලිකඩ යළි සිහිකළ මීගමුව
බන්ධනාගාර තුළ සිදුවන ගැටුම් අපරටේ සුලබ සිද්ධියක් වුවද මින් කතා බහට ලක්වන බන්ධනාගාර ගැටුම් වාර්තා වූයේ 2012 වසරේදීය.
ජීවයට හිතකර සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියි
විශ්වයේ ජීවය පැවතීමට සුදුසු තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ.
Game of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේ
ලෝක ප්‍රකට Game of Thrones කතාමාලාවේ පළමු වෙනි කොටසේදී ඩෙනේරිස් ටාගේරියන් (Daenerys Targaryen) චරිතයට තෑගි ලැබුණු නියම මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී පෙට්ටිය ප්‍රථම වතාවට වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
මැයි මාසයේ කොළඹ උද්ධමනය සියයට 6.8ක් දක්වා ඉහළට
මේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඇන්ටාක්ටිකාවෙන් සොයාගත් මුල්ම ඩයිනසෝර අස්ථිය ලාච්චුවකින් මතුවෙයි
වසර 40කට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවී රසායනාගාර ලාච්චුවක තිබූ අසාමාන්‍ය පොසිලයක්, ඇන්ටාක්ටිකාවෙන් මෙතෙක් හමුවූ ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස හඳුනාගෙන තිබේ.
දින 16කට ගුවන් ගමන් 27ක් - FIFA සභාපති පෞද්ගලික ජෙට් යානයෙන් ගිය දුර
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු සති දෙකක කාලය තුළ පමණක් තරග 24කට සහභාගි වීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පෞද්ගලික ජෙට් යානයකින් සැතපුම් දහස් ගණනක් පියාසර කර ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.
ඩෙංගු දූමායනයෙන් පරිසරයට හානි සිදුවන බවට අනාවරණයක්
ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදුකරන දූමායන ක්‍රියාවලිය සාර්ථක ක්‍රියාමාර්ගයක් නොවන අතර, ඒ හරහා පරිසර හානියක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
'Toy Story 5' සිනමා ඉතිහාසය අලුත් කරයි
ඩිස්නි (Disney) සමාගමේ "ටෝයි ස්ටෝරි 5" සජීවීකරණ චිත්‍රපටය, තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදීම අමෙරිකානු ඩොලර් මිලියන 300කට වඩා වැඩි වාර්තාගත ගෝලීය ආදායමක් උපයා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පෝෂණ අතිරේක ගැන ඔබ නොදත් කතාවක්
වර්තමානයේ බොහෝ දෙනෙක් සෞඛ්‍යය නිරෝගී කරගැනීමේ අරමුණින් විටමින්, මිනරල් සහ විවිධ වර්ගයේ සප්ලිමන්ට් (පෝෂණ අතිරේක) වර්ග කීපයක් එකවර දිනපතා ලබාගැනීමට පුරුදුව සිටිති.
සාමාජිකයෙකු නොවුණත් G7 ප්‍රබලයින් ඉදිරියේ ඉන්දියාවට විශේෂ තැනක්
අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවලින් සමන්විත G7 සංවිධානයේ නිල සාමාජිකයෙකු නොවන නමුත්, ඉන්දියාව එහි විශේෂ ආරාධිතයෙකු ලෙස නිරන්තරයෙන්ම කැඳවනු ලබයි.
පාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්
වැරදි ආහාර පුරුදු හේතුවෙන් මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 12ක් අධි බරැති තත්ත්වයෙන් පසුවන බව සහ සියයට 3ක් ස්ථුලතාවයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
කොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්‍රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ, දුම්රිය ගමන්වාර 200කටත් අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්
මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව විමසිලිමත්බවින් සිටිය යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය, සහ මෙනින්ජයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවය.
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී
තෙදිනක් පුරා පැවැති විශේෂ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනේදී ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගෙන තිබේ.
නොදැනුවත්වම සිරුර නිරෝගී කරන රහස් 7ක්
අප ලබාගන්නා ආහාර පාලනය කරීමට අප සිතුවත්, ඇත්ත වශයෙන්ම අපේ ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියයන් අප මිලදී ගන්නා සහ ආහරයට ගන්නා කෑම ප්‍රමාණය තීරණය කිරීමට නිතරම බලපෑම් කරයි.
තෙදින ඩෙංගු මර්දන සතියේ ආරම්භක දින පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (08) දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72කින් ආරම්භ විය.
කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ලොව ප්‍රථම එන්නත
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් ලොව පළමු වරට නිපදවූ නව එන්නක් පිළිබඳ පුවතක් විදෙස් වාර්තාහි සඳහන් විය.
උත්තරීතර මව්පිය පදවියට සැරසෙන ඔබට විශේෂ දැනුම්වත් කිරීමක්
ගර්භණී සමයේදී මවක් ගන්නා මධ්‍යසාර ප්‍රමාණය දරුවාගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන දශක පහකට වැඩි කාලයක සිට වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.
වසර 100,000ක් පුරා පිරිමි සතුන් නොමැතිව ජීවත්වන මත්ස්‍ය වර්ගයක්
සාමාන්‍යයෙන් ජීව විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව පිරිමි සතුන් නොමැතිව, ලිංගික ප්‍රජනනයකින් තොරව බෝවන ජීවීන් කාලයත් සමඟ වඳ වී යා යුතුය.
ඉබෝලා ලංකාවට රිංගයි ද ?
ඉබෝලා වෛරසය ආශ්‍රිත අවදානම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදුකර ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පවසයි.
එවරස්ට් කන්දේ 'මරණයේ කලාපය' - මිනිස් සිරුර අක්‍රිය කරන බියකරු සත්‍ය
ලොව උසම කඳු මුදුන වන මීටර් 8,849 ක් උසැති එවරස්ට් කන්ද තරණය කිරීමේ ප්‍රධාන කාලසීමාව මේ වන විට උදාවී තිබේ.
බරපතළ සෞඛ්‍ය අවදානමක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්
වර්තමාන ලෝකයේ දරුවන් පෙර පරම්පරාවලට වඩා ශාරීරිකව අක්‍රිය වෙමින් පවතින බවත්, එය ඔවුන්ගේ අනාගත සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්
ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
2032 වෙද්දී සඳේ කඳවුරු බඳින්න නාසා සූදානමින්
චන්ද්‍රයා මත පර්යන්තයක් ඉදිකිරීමේ සැලැස්ම සහ ඊට යොදාගැනීමට සැලසුම් කර ඇති යානා මාධ්‍ය වෙත අනාවරණ කිරීමට අමෙරිකාවේ නාසා ආයතනය පසුගියදා කටයුතු කළේය.
දුම්කොළ භාවිතය නිසා වසරකට මරණ 22,000ක්
දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි
වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අරමුණු විරහිතව, දිගින් දිගටම දුරකතනය මගින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාලය නාස්ති කිරීමට පුරුදු වී තිබේ.
කෝපි කෝප්පයකින් ලැබෙන උණුසුම පිටුපස ඇති සෞඛ්‍යමය රහස
ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් තම දෛනික කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා උදෑසන කෝපි කෝප්පයක් මත විශ්වාසය තබති.
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය
කීර්තිමත් හරිත තේ වර්ගයක් වන "ඩ්‍රැගන් වෙල්" (Dragon Well) යනුවෙන්ද හැඳින්වෙන ලොන්ජින් (Longjing)යනු චීනයේ හැංජෝ (Hangzhou) ප්‍රදේශයේ කඳුකරයේ වගා කරන, ලොව පුරා ඉතා ප්‍රසිද්ධ සහ ඉහළම ගෞරවයක් ලබන හරිත තේ වර්ගයකි.
පසුගිය වසර 2 තුළ බස්නාහිර පළාතේ පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 1,000 පනී
2024 සහ 2025 යන වර්ෂවල බස්නාහිර පළාතේ සිසුන් දහසකට අධික පිරිසක් අතරමග පාසල් හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.
මාරාන්තික ඉබෝලා වෛරසය ගැන දැනගත යුතුම කතාවක් - ලංකාවටත් එයි ද ?
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක් ලෙස ඉබෝලා 'Ebola' වෛරස් රෝගය හැඳින්විය හැකිය.
AI නිසා මිනිස් බුද්ධිය පිරිහීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
ප්‍රශ්න සහ සංකීර්ණ ගැටලුවලට සැනෙකින් පිළිතුරු ලබා දෙන AI කෘතිම බුද්ධි මෙවලම් නිසා මිනිසාගේ බුද්ධි මට්ටම අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ රෝයල් ඔබ්සර්වේටරි (Royal Observatory) ආයතනය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා හි සඳහන් වෙයි.
කෑම හොඳින් හැපීම ශරීරයට සහ මොළයට ඉතා වැදගත් බවට අනාවරණයක්
කෑම හොඳින් හැපීම අපේ ශරීරයට සහ මොළයට ඉතා වැදගත් බව නවතම පර්යේෂණවලින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
වසර පහකට පසුව පොලිස් නිලධාරීන්ට ලැබෙන උසස්වීම්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම ඉතා කඩිනමින් ලබාදෙමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
බර අඩු කරගන්න අලුත් පෙත්තක්
බර අඩු කර ගැනීම සඳහා දැනට ලබාගන්නා එන්නත් (GLP-1 injections) නතර කළ පසු නැවත ශරීර බර වැඩිවීම වැළැක්වීමට උපකාරී වන නව පෙත්තක් පිළිබඳව පර්යේෂණ තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉතිහාසය වෙනස් කළ සොයාගැනීමක්
1996 වසරේදී චීනයෙන් හමුවූ සුවිශේෂී පොසිලයක් හරහා ඩයිනසෝරයන් පිළිබඳ එතෙක් පැවති මතයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබේ.
මොළය වයසට යාම අඩු කරන්න ක්‍රම තුනක්
අපගේ ශරීරය නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන්නේ ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා පහසු මඟක් තෝරා ගැනීමටයි.
'Met Gala' විලාසිතා දැක්ම කැලඹූ ඉන්දියානු යුවතිය
මෙවර Met Gala විලාසිතා දැක්ම සඳහා සහභාගී වූ ඉන්දීය නිරූපිකා භවිතා මන්ඩවාගේ විලාසිතාව සම්බන්ධයෙන් විලාසිතා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
බහුතරය නැතුව විජේට මහ ඇමති පුටුව අහිමි වෙයි ද?
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින හතරක් ගතවී ඇතත්, තමිල්නාඩු වෙට්රි කළගම් (TVK) නායක විජේ ට මහ ඇමති ලෙස දිවුරුම් දීමට මෙතෙක් අවස්ථාව හිමිව නොමැත.
අමෙරිකාව - ඉරානය 'තනි පිටුවේ ගිවිසුමකට' ළංවෙයි ?
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන 'තනි පිටුවේ ගිවිසුමකට' දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ.
තමිල්නාඩුවේ දේශපාලනය උඩුයටිකුරු කළ තලපති විජේ... ශ්‍රී ලංකාවට බලපෑමක් වෙයිද ?
තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනය දශක පහක් තිස්සේ පැවති ආධිපත්‍යයන්ගෙන් මිදී නව මාවතකට අවතීර්ණ වී ඇත.
අමෙරිකාවට සහ ඉරානයට ගිනි ඇවිලූ යුරේනියම්
යුරේනියම් යනු පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවිකව හමුවන, රිදී-අළු පැහැති බර ලෝහයකි.
එල්නිනෝ අවදානමෙන් අපේක්ෂිත වැසි ඉදිරියේදී නොලැබෙන බවට කාලගුණයෙන් අනාවැකියක්
නිරිතදිග මෝසම සමඟ ඉදිරියේදී එල්ලිනෝ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලොවපුරා වසරකට මිලියන 80ක් දුම්කොළ භාවිතයෙන් ජීවිතක්ෂයට
ලොව පුරා වසරකට මිලියන 80කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා ජීවිතක්ෂයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.
මිනිත්තු කිහිපයක පරතරයකින් උපන් නිවුන් සහෝදරියන්ට පියවරුන් දෙදෙනෙක්
එකම කුස තුළ එකට හැදී වැඩී, මිනිත්තු කිහිපයක පරතරයකින් උපත ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකුට ජීව විද්‍යාත්මක පියවරුන් දෙදෙනෙකු සිටින බව තහවුරු වූ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වේ.
අද දිස්වූ පූර්ණ චන්ද්‍රයා Flower Moon ලෙස නම් කරයි
මැයි මාසයේ මෙම පළමු පූර්ණ චන්ද්‍රයා Flower Moon ලෙස නම්කර ඇති බව නාසා ආයතනය පවසයි.
ආශ්චර්යමත් ගස ගැන ඇසෙන අරුම පුදුම කතාව
"ආශ්චර්යමත් ගස" ලෙස හැඳින්වෙන මුරුංගා ගසෙහි ඇටවලට, පානීය ජලයේ අඩංගු PVC මයික්‍රොප්ලාස්ටික් අංශු 98.5%ක් දක්වා ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බව බ්‍රසීලයේ සහ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.
වසර 7කට පසු ශම්මිට අහිමි වූ ක්‍රිකට් පුටුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා නව පරිවර්තන කමිටුවක් පත්කරමින් ක්‍රීඩා ආමාත්‍යාංශය සඳහන් කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට සාමාජිකයන් 9 දෙනෙක් ඇතුළත් බවය.
ගැස්ට්‍රයිටිස් සහ අක්මාවේ තෙල් තැන්පත් වීම නිහඬ මාරයෙක් ද ?
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනයෙන් 25%ක් පමණ, එනම් සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බව නවතම සෞඛ්‍ය දත්ත හෙළි කරයි.
ඩිජිටල් තාක්ෂණයන් හී ප්‍රශස්ත භාවිතය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ
රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේ දී ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළිබඳව ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දී තිබේ.
ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ 'සුපිරි පරිගණකය' වෙන්දේසියට
17 වන සියවසේ ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ, අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී ඇස්ට්‍රොලේබ් (Astrolabe) උපකරණයක් ලන්ඩනයේ Sotheby's වෙන්දේසි ආයතනයේදී එළැඹෙන 29 වන දින වෙන්දේසි කිරීමට නියමිතය.