header logo
SLIC
විශේෂාංග
මාලිංග ලියූ 𝐊𝐈𝐋𝐋𝐄𝐑 එළි දක්වයි
Jan 21, 202509:52 AM
මාලිංග ලියූ 𝐊𝐈𝐋𝐋𝐄𝐑 එළි දක්වයි
EDEX

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් '𝐊𝐈𝐋𝐋𝐄𝐑' නමින් පොතක් එළි දක්වා තිබේ.

ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළිදැක්වූවේය.

එම පොතේ පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් ඇතුළත්ව තිබේ.‍

පොත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියේය.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටියේය.

"අද මම මෙතනට ඇවිල්ල මෙහෙම කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාසකරනවා... මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඒ වගේම මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා."

ලසිත් මාලිංග විසින් රචිත කෘතිය සිය පියා අතින් පළමුව පිළිගැන්වූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටයි.

අනතුරුව එම කෘතිය පැමිණ සිටි අනෙක් ආරාධිතයන්ට පොත පිළිගැන්වූවේය.

https://youtu.be/edV5kHiVPQM
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට