
ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හයදෙනා අද (04) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව මෙම විරෝධතා පාගමන ඊයේ (3) පස්වරුවේ සංවිධානය කර තිබුණි.
බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ වූ එම විරෝධතා පාගමන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට පවත්වන අතරතුර මෙම පිරිස අත්අඩංගුවට පත්වූහ.
නීති විරෝධී ලෙස ජනතාව රැස්කිරීම සහ නිසි බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබේ.





















































