header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
විනය කඩන පොලිස් නිලධාරීන්ට වෙන දේ පොලිස්පති කියයි
විනය කඩන පොලිස් නිලධාරීන්ට  වෙන දේ පොලිස්පති කියයි
Mobitel 1278

පොලීසිය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් පවතින බවත්, ඒවා ජය ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ විනය පාලනය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා අවධාරණය කළේ සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම දැනට පවතින ප්‍රධානතම අභියෝග තුන බවය.

විනය පාලනයක් නැති ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බැවින් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම වසරකට නිලධාරීන් 2,000 – 2,500ත් අතර සංඛ්‍යාවක් විශ්‍රාම යන අතර, හදිසි අනතුරු සහ ස්වාභාවික හේතූන් මත තවත් 250ක් පමණ මියයාම හෝ ආබාධිත තත්ත්වයට පත් වන බවද මෙහිදී පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොලීසිය තුළ 38,000 – 40,000ක පමණ නිලධාරී හිඟයක් පවතින බවත්, එම හිඟය පියවීම සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මේ වන විට 1,500ක් පමණ බඳවාගෙන ඇති අතර, තවත් 950ක් පමණ ළඟදීම බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවය.

එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවැති උසස්වීම් ප්‍රමාදයන් නැවැත්වීමට පියවර ගෙන ඇති බවද මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේය.

2019 දක්වා පැවැති ප්‍රමාදයන් නිලධාරීන් 4,000කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දෙමින් අවසන් කළ අතර, ඉන්පසුව 2025 දක්වා කාලසීමාව වෙනුවෙන් තවත් 2,000කට ආසන්න පිරිසකට උසස්වීම් ලබා දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

දැනට පැවැත්වෙන කුසලතා සම්මුඛ පරීක්ෂණ සහ ඉදිරි තරග විභාග හරහා මෙතෙක් පැවැති උසස්වීම් පිළිබඳ ගැටලුව මෙම වසර තුළ සම්පූර්ණයෙන්ම විසඳීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව ලබන වසරේ සිට වසරක් පාසා නිසි වේලාවට උසස්වීම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර සංකීර්ණ සමාජයක ගැටලු සහ අපරාධ විසඳීම සඳහා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම අත්‍‍යවශ්‍ය වන බවත්, ඒ වෙනුවෙන් විශේෂ පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හරහා පොලිස් කොස්තාපල්වරුන්ට ද විදේශ ශිෂ්‍යත්ව සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.

මේ වන විට 1,000කට ආසන්න පිරිසක් විදේශ පුහුණු සඳහා යොමු කර ඇති බවත්, ඉදිරියේදී අවශ්‍ය ඉංග්‍රීසි දැනුම සහිත ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා ඉන්දියානු ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

"පැය ගණන විතරක් පොතෙන් වැඩ කරලා, ගියා කියලා සන්තෝස වෙන්න බෑ. ඒ හින්දා එහෙම සන්තෝස වෙච්ච කට්ටියට ජීවිතයේ යම්කිසි දවසක පසුතැවීමක් වෙනවා. මොකද, මගේ කාලයේ මා කළ යුතු දේවල් කිසිම දෙයක් නිසියාකාරයෙන් කළේ නෑ කියලා..

ඒ නිසා මම පොලීසියේ පහළම ස්තරයේ ඉඳලා, අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම මං ගැන පසු විපරමක් තිබුණ හින්දා. ඒ පසු විපරම තුළ මම පොලිස්පති වුණාට පස්සෙත්, මගේ අවුරුද්ද තුළ මගේ වැඩබලන පොලිස්පති විදිහට කරපු වැඩ ටිකත්, ඊට පස්සේ පොලිස්පති තනතුර ලැබීමෙන් පසුව කරපු දේවල් සම්බන්ධයෙනුත් මට පසු විපරමක් තිබුණා.

ඒ කාර්ය සාධනයේ මා ඉෂ්ට කළ යුතුයි, ඒ ඉෂ්ට කළ යුතු වෙන්නේ මට බැබලෙන්න නෙමෙයි, මගේ සේවය බැබලෙන්න. මගේ මේ පොලිස් සේවය කියන සේවය බැබලෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සේවය බැබලෙන්න නම්, ඒ බැබලෙන්න ඕන මහජනයා ඉස්සරහා. මහජනයාට නොගැලපෙන පොලීසියක්, මහජන විශ්වාසය නැති වූ පොලීසියක්... කවදාවත් අපිට මහජන විශ්වාසයකින් තොරව පොලීසියක් පවත්වාගෙන යන්න බෑ.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්