header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? - ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි
ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? - ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි
Mobitel 1278

ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක එල්ලවිය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි අමෙරිකාවේ "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත්පත පවසා තිබේ.

මෙම ඉල්ලීම ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් සිදුකර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අමෙරිකානු අවහිරකිරීම් නිසා දින ගණනක් පුරා කොටුවී ඇති මෙම නෞකාවලින්,  ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව සේවා සැපයිය නොහැකි බවට මෙරට නැව් නියෝජිතයින් පවසා ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

ඉරානයට අයත් හිස් ඉන්ධන ප්‍රවාහන නෞකා 20ක් පමණ ඉන්දිය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපය නුදුරින් නැංගුරම් ලා ඇති බව විදෙස් මාධ්‍ය අවස්ථා කිහිපයකදීම අනාවරණ කළේය.

ඒ අමෙරිකාව හෝමුස් සමුද්‍රසන්ධියේ නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කළ පසුගිය ජුලි මාසයේ සිටයි.

මෙරට නිරතදිග වෙරළේ සිට සැතපුම් 15ක පමණ දුරකින් නවත්වා ඇති මේ නෞකාවල කොටුවී සිටින නාවිකයින් බරපතළ ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟකමින් පීඩාවට පත්ව ඇතැයි අමෙරිකාවේ 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් මෙලෙස කොටු වී ඇත්තේ, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන බොරතෙල්, චීනය වෙත ප්‍රවාහනය කළ නෞකායි.

එම නෞකා මැලේසියාව ආසන්නයේ දී චීනය වෙත ඉන්ධන තොග ලබාදී ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස මෙරට ආසන්නයේ නැංගුරම් ලා ඇති බව වාර්තා වෙයි.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් අනාවරණයට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් කිහිපයක් ආසන්නයේම මෙවැනි නෞකා නැංගුරම් ලා තිබේ.

දේශීය නැව් මගින් එම නැව් සහ ඒවායේ කාර්ය මණ්ඩලවලට සැපයුම් ලබාදීමෙන් වළකින්නැයි ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මැලේසියාව ආසන්නයේ තිබූ මෙම නෞකාවලින් වැඩි කොටසක් ගෙවුණු මාස දෙක තුළ ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇත්තේ, ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබාදීමට ශ්‍රී ලංකාව මීට පෙරද කටයුතු කර තිබීම හේතුවෙන් බව ජර්නල් පුවත් වාර්තා පවසයි.

මෙම නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජය දැනුම්වත් කර ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.

ඒ, එසේ නොකළහොත් ද්විතීයික සම්බාධකවලට යටත්වීමේ අවදානමට ලක්වන්නැයි ද අනතුරු ඇඟවමිනි.

මෙවන් පසුබිමක, ඉරාන ධජය දරන බහාලුම් නෞකා දෙකක් කොළඹ වරාය සීමාව වෙත පැමිණියත් එම නෞකාවලට ද සේවා සැපයීම "නුවණට හුරු ක්‍රියාවක් නොවන" බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තමන්ට දැන්වූ බව ජර්නල් පුවත්පත පවසයි.

සම්බාධක මතුවීමේ අවදානම මත ඔවුන් මෙලෙස පැවසූ බව එහි සඳහන් වෙයි.

මෙවැනි තත්ත්වයක මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලාංකික නිලධාරීන් 40ක කණ්ඩායමක් සඳහා තෙදින පුහුණු සැසියක් ද පවත්වා තිබේ.

ඒ නැව් නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ වෙනත් සේවා සමාගම්, සම්බාධක පනවා ඇති නෞකාවලට "දැනුවත්ව හෝ නොදැනුවත්ව" සහාය වුවහොත් අමෙරිකානු දඬුවම්වලට ලක්වීමේ අවදානම පෙන්වා දීමට බව පුවත් වාර්තාව පවසයි.

ඩුබායි පාදක කරගත් නාවික ඒජන්තවරු, එම නෞකා වෙත ආහාර සහ ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් රැසක් කර ඇතත්, අමෙරිකාව සම්බාධක පැනවීමට ඇති අවදානම සලකා මෙරට සැපයුම්කරුවන් එම නැව්වලට සහාය දැක්වීමට මැලිබවක් දක්වන බවද වාර්තා වෙයි.

මේ අතර ලාංකික නැව් නියෝජිතයෙක් පවසා ඇත්තේ මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව එසේ කළ නොහැකි බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ