
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු අවපීඩනය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, එය හෙට (17) වන විට ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
‘අක්වාන්’නම් මෙම කුණාටුව දැනට කේන්ද්‍රගත වී ඇත්තේ දකුණු සහ ඒ ආසන්න බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වන අතර, එය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 630ක් පමණ ඊසාන දෙසින්ද, චෙන්නායි වෙත කිලෝමීටර් 610ක් පමණ නැගෙනහිර දෙසින්ද සහ ආන්ද්‍ර ප්‍රදේශයේ මචිලිපට්නම් වෙත කිලෝමීටර් 660ක් පමණ ගිනිකොන දෙසින්ද පිහිටා ඇති බව සඳහන් වේ.
මෙම පද්ධතිය හෙට (17) සවස් වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව සඳහන් වේ.
අනතුරුව එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 19 වන දින පමණ වන විට අතිශය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය මාධය පවසා ඇත්තේ එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනයන්ට අනුව, නොවැම්බර් 20 වන දින මධ්‍යාභාගයේදී මෙම කුණාටුව අතිශය ප්‍රබල සුළි කුණාටුවක් ලෙස නෙලෝර් සහ ටුනි අතර ආන්ද්‍ර ප්‍රදේශ සහ යනම් වෙරළ තීරය හරහා එරට ගෙඩබිමට පිවිසීමට ඉඩ ඇති බවය.
එහිදී උපරිම සුළගේ වේගය පැයට කිලෝමීටර් 120ත් 130ත් අතර අගයක් ගත හැකි අතර, සුළඟේ හමායාම් පැයට කිලෝමීටර් 145 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
මේ අතර, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයට මතුවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සියලුම දිස්ත්‍රික්ක, විශේෂයෙන්ම දකුණු සහ වෙරළබඩ ප්‍රදේශවල දිස්ත්‍රික්ක දැඩි අවධානයෙන් (අනතුරු ඇඟවීමේ මට්ටමක) තබා ඇත.
මීට පෙර, පසුගිය ඔක්තෝබර් 28 වන දින 'අර්නබ්' (Arnab) සුළි කුණාටුව ආන්ද්‍ර ප්‍රදේශයට බලපෑම් ඇති කරමින් ඉන්දියාවට ඇතුල් වූ අතර ,එහිදී ප්‍රදේශයේ ඇතැම් කොටස්වල දැඩි ගංවතුර තත්ත්වයන් හටගත්තේය.
එසේම, මේ මස මුලදී 'මුරසු' (Murasu) සුළි කුණාටුව ද එම ප්‍රදේශයට වැසි ඇති කර තිබුණි.

















































