
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.
එමෙන්ම පවතින අධික වර්ෂාවත් සමඟ රථවාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, හැටන් - නුවරඑළිය සහ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී අවධානයෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.





















































