
වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
උන්වහන්සේව හෙට දින අභියාචනාදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් විය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඥානසාර හිමියන්ව අද (4) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.






















































