
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන් වෙයි.
ගින්නෙන් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සඳහා කිසිදු බාධාවක් නොමැති අතර දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.
ගොඩනැගිල්ලේ බිම්මහලේ මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ ඇතිවූ හදිසි සුළු ගිනිගැනීම් තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර මේවන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.















































