
රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ, රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත.
රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් විසින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අතරතුර, ඉකුත් 12 වැනිදා පිරිසක් සමග එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව පොලිසිය විසින් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝගයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව එම ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද අනුරාධපුර පොලීසිය වෙත රැගෙන එනු ලැබීය.
















































