
නකල්ස්හි සිදුවීමට අදාළ දැරියට අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම්වීමට අවශ්‍ය මනෝ සමාජීය උපදේශන සහාය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
ඇයට අවශ්‍ය සහාය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහා ලබාදීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව අදාළ දැරියගේ අනිවාර්යය අධ්‍යාපන වයස අවසන් වන තුරු හෝ ඇයගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තුරු ඊට අදාළ දීමනාව සැපයෙනු ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව බිළිදියගේද පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා සදහා ඇය වෙනුවෙන් ද 'අර්ථ' දීමනාව සැපයීමට සැළසුම් කර ඇති බව ද සඳහන් වෙයි.














































