
අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු කිහිපයක් සිදුකිරීම හේතුවෙන් නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය ඉදිරි දිනවලදී වරින් වර තාවකාලිකව වසා තැබෙන බව බලධාරීන් නිවේදනය කර ඇත.
ඒ අනුව, හෙට (18) දින සිට අනිද්දා (20) දක්වා මෙම මාර්ගය වරින් වර විනාඩි 20ක පමණ කාලසීමාවන් සඳහා මෙලෙස වසා තැබීමට නියමිතය.
ඉදිකිරීම් කටයුතු සිදුවන අවස්ථාවන්හිදී රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සියලුම රියදුරන්ගෙන් සහ මාර්ග භාවිතා කරන්නන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, මේ හේතුවෙන් ගමනාගමනයේදී සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා රියදුරන්ගේ සහයෝගය ඉල්ලා සිටියි.

















































