
කොළඹ සිට භාණ්ඩ කූරියර් ප්‍රවාහන සේවා ආයතනයක් හරහා මොණරාගල ප්‍රදේශයේ නිවසකට ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක අසුරා යවන ලද රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල පොලිස් වසමට අයත් දුටුගැමුණු පාර ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
පොලීසිය විසින් අදාළ නිවස පරික්ෂා කිරීමේදී, එහි ගමන් මල්ලක ඉතා සූක්ෂම අයුරින් අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක්, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ මත්පෙති: 40කට අධික ප්‍රමාණයක් සොයානෙ ඇත.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහළව ඉක්මවන බවය.
මෙම ජාවාරම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලැබූවක්ද යන්න සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (16) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

















































