
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, අම්බලන්ගොඩ, කන්දගොඩ සුසාන භූමියක ආදාහනාගාර පරීශ්‍රයේ සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අද (17) යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ මාතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.
ජාවාරම්කරුවන් විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය කන්දගොඩ ආදාහනාගාර භූමියේ සොහොන් කොතක් අසල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.

















































