
ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්ර ලෙස පහළ ගොස් තිබේ.
ඒ අනුව, රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී ඇති අතර, එය ඩොලර් 3,800 සීමාවෙන් පහළට පැමිණීමකි.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ද රුපියල් 3,000කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (18) කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් වන අතර, ඊයේ එම මිල රුපියල් 329,400ක් ලෙස ලෙස සටහන් විය.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 355,000ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඊයේ එම මිල රුපියල් 358,000ක් ලෙස සටහන් විය.













































