
අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (18) පස්වරුවේ ඉදිරිපත් කළේය.
රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව අනුරාධපුර පොලිසිය විසින් සැකකරුවන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝගයක් කර තිබුණි.
ඒ අනුව එම ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු කිහිපගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද අනුරාධපුර පොලීසිය වෙත රැගෙන එනු ලැබීය.















































