header logo
SLIC
විශේෂාංග
කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්
Jun 25, 202509:42 PM
කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්
EDEX

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේය.

මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු මේ සඳහා යොඳවා ඇති බවද එහි දැක්වේ.

එමෙන්ම පානම පොලිස් වසමේ සිට යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා සුභසාධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට ද කටයුතු කර ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය හෙට (26) සිට ජූලි 10 වනදා දක්වා පැවැත්වේ.

එහි දියකැපීමේ මංගල්‍යය ජූලි 11 වනදා සිදු කිරීමට නියමිතව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight