News Archive

අදත් හවසට තැන තැන ගිගුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 17, 2026  5:20 am

2026-08-17

(0)Comments | August 17, 2026  5:27 am

වියට්නාමය සහ මෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි

වියට්නාමය සහ මෙරට අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කරමින්, වියට්නාම් එයාර් ලයින්ස් සමාගමට අයත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

(0)Comments | August 17, 2026  5:41 am

මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙකු මරුට

කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් තිබේ.

(0)Comments | August 17, 2026  6:12 am

ඉන්දුනීසියාවට තවත් භූම්පනයක්

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ෆ්ලොරෙස් ප්‍රදේශයට අද අලුයම රික්ටර් මාපකයේ 5.9ක අගයකින් යුත් භූ කම්පයක් හට ගෙන ඇති බවය.

(0)Comments | August 17, 2026  6:49 am

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ඉක්මවයි

වනජීවි පශු වෛද්‍යවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(0)Comments | August 17, 2026  7:11 am

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අහුංගල්ලේ දී කොටුවෙයි

අහුංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 17, 2026  7:24 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 17, 2026  8:05 am

යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු මරුට

යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 7දෙනෙකු පමණ මියගොස් තිබේ.

(0)Comments | August 17, 2026  8:31 am

ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7ක් මරුට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ලක්ඛිසරයි ප්‍රදේශයේ දේවාලයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | August 17, 2026  9:14 am

දියේ ගිලී පුද්ගලයෙකු මරුට

නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 17, 2026  9:44 am

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළේය.

(0)Comments | August 17, 2026  9:58 am

නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න රු.ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලීසියේ 4ක් අත්අඩංගුවට

තණමල්විල නිකවැව දෙමෝදර වැව ආශ්‍රිත ගංජා හේනක් වටලා එහි සැකකරුට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග නොගෙන සිටිම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 17, 2026  10:52 am

පාසල් නිවාඩුවේ දරුවන්ට සිදුවන අනතුරු ගැන සැලකිලිමත් වෙන්න - සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

පාසල් නිවාඩු සමයත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

(0)Comments | August 17, 2026  11:02 am

වී අලෙවි මණ්ඩලය මේ දක්වා මිලදී ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,600 ඉක්මවයි

වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

(0)Comments | August 17, 2026  11:15 am

ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක කළමනාකරණ වැඩපිළිවෙළක්

ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සේවාවන් කාර්යක්ෂම කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම පිළිබඳ විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය, කවුඩුල්ල, හුරුලු ජාතික උද්‍යානවලදී සිදු කෙරිණි.

(0)Comments | August 17, 2026  11:52 am

2026 බදු ආදායම් ඉලක්කයෙන් 61%ක් මේ වනවිට රැස් කරගෙන අවසන්

2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,402ක බදු ආදායම් ඉලක්කයෙන් මේ වනවිට සියයට 61ක පමණ ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන) කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.

(0)Comments | August 17, 2026  12:20 pm

නාවික යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම්

මොරටුව අඟුලාන මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා තුන්වන දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

(0)Comments | August 17, 2026  12:26 pm

ග්‍රෙගරි වැවේදී අනතුරට පත් දරුවන් දෙදෙනෙකු නාවික හමුදාව බේරාගනී

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.

(0)Comments | August 17, 2026  12:35 pm

ද. කොරියාව සමග හමුදා අභ්‍යාසයේ පරිමාණය පහත හෙළන්න - ට්‍රම්ප්

දකුණු කොරියාව සමග පවත්වන වාර්ෂික ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ පරිමාණය කැපී පෙනෙන ලෙස පහත හෙළන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට උපදෙස් දී තිබේ.

(0)Comments | August 17, 2026  12:56 pm

අ.ඩො.බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. 

(0)Comments | August 17, 2026  1:07 pm

ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.

(0)Comments | August 17, 2026  1:21 pm

පාස්කු නඩුවේ විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා විසි තුන් දහසකට අධික සංඛ්‍යාවක් යටතේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කළේය.

(0)Comments | August 17, 2026  1:26 pm

හිරුණිකාගේ නඩුවක් කැඳවීමට දින දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට අදාළ නඩුවක් නොවැම්බර් මස 02වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | August 17, 2026  1:41 pm

Online ක්‍රමයට ආදායම් උපයන අයගෙන් බදු අයකරන හැටි

2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය මඟින් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 17, 2026  1:45 pm

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.

(0)Comments | August 17, 2026  1:48 pm

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් හෙට සිට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාවට නැංවෙන බව පොලීසිය පවසයි.

(0)Comments | August 17, 2026  2:16 pm

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 19වැනිදා බැංකුවට 

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 19වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 

(0)Comments | August 17, 2026  2:16 pm

වසර 75කට පසු ලංකාවට එන අවදානම...

මේ වසර අගවනවිට එල් - නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක්වීමේ සම්භාවිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 17, 2026  2:44 pm

දිස්ත්‍රික්ක රැසකට වැසිවාර කිහිපයක් - මුහුදත් රළු වෙයි 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | August 16, 2026  6:36 am

ලොකු ලූණු අස්වැන්නෙන් සියයට 50ක් මෙරටදීම නිෂ්පාදනයට සැලසුම්

මෙරට ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් රටතුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන සැලසුම් මේ වන විට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 16, 2026  6:59 am

කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

(0)Comments | August 16, 2026  7:29 am

රුමේෂ් තරංගට අභියෝග කිරීමට සැරසෙන ජර්මනියේ ජුලියන් වෙබර්

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. 

(0)Comments | August 16, 2026  7:49 am

මාඔයේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලෙයි 

මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | August 16, 2026  8:49 am

මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ දෙකක සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | August 16, 2026  9:48 am

ඓතිහාසික ටෙස්ට් ජයක් වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 57ක ඉලක්කයක් 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 57ක ඉලක්කයක් හිමිව තිබේ. 

(0)Comments | August 16, 2026  10:14 am

ඔස්ට්‍රේලියාව පරදවා බංග්ලාදේශයට කඩුලු 09ක විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද (16) සමත්විය.

(0)Comments | August 16, 2026  10:45 am

ඩෙංගු රෝගීන් ගණන 92,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | August 16, 2026  10:47 am

ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | August 16, 2026  11:21 am

අඩි තුන්සීයක ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මරුට 

අයගම ඉන්දොලවත්ත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක පිහිටි ගල් තලාවක සිට අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | August 16, 2026  11:28 am

නුවරඑළියේ ප්‍රා.ලේකම් කාර්යාලවල හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට  අවශ්‍ය පියවර ගෙන තිබේ.

(0)Comments | August 16, 2026  11:39 am

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | August 16, 2026  11:48 am

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් අතුරින් ඉන්දියාව පෙරමුණට

වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | August 16, 2026  12:04 pm

මගී ජීවිත බිල්ලට තියා රේස් දුවපු රියදුරන්ට වැඩ වරදී

මහනුවර සිට හැටන් දක්වා ධාවනයකළ පෞද්ගලික බස් රථ දෙකක් ගිනිගත්හේන පේරගොල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස එකිනෙකට ඉස්සර කිරීමට යෑමේදී අනතුරක් සිදුව ඇත.

(0)Comments | August 16, 2026  12:08 pm

වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01 සිට අනිවාර්යය කෙරේ

සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 16, 2026  12:10 pm

Derana Teen Star Season 01 අවසන් මහා තරගය අද

නව යෞවනයේ තාරකා පෙළහර 'දෙරණ Teen Star සීසන් වන්' අවසන් මහා තරගය අද (16) රාත්‍රීයේදී පැවැත්වෙයි.

(0)Comments | August 16, 2026  12:39 pm

ගල්කිස්ස රත්කළ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට

ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ ඊයේ (15) රාත්‍රීයේ සිදු වූ වෙඩිතැබීමකින් එහි හිමිකරුගේ මිතුරෙක් ජීවිතක්ෂයට පත්විය.

කෙසේවෙතත් පොලිසිය සැකපළ කරන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු විය හැකි බවය.

(0)Comments | August 16, 2026  12:58 pm

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම තවත් වැඩිවෙයි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද දහවල් වනවිට උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක එනම් සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 16, 2026  1:11 pm

හංගේරියාවේ බස් අනතුරකින් 12දෙනෙකු මරුට

හංගේරියාවේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | August 16, 2026  1:25 pm

නාවික ප්‍රහාරක යාත්‍රා අනතුර ගැන හොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. 

(0)Comments | August 16, 2026  1:33 pm

ලොව අවලස්සනම සුනඛයා තරගයේ ජය ජිනීට 

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු 'World Ugliest Dog' (ලොව අවලස්සනම බල්ලා) තරගයෙන් ජයග්‍රහණය කිරීමට ජිනී ලූ (Jinny Lu) නමැති අවුරුදු 6ක් වයසැති ‘පග්’ (Pug) වර්ගයේ සුනඛයා සමත්ව තිබේ.

(0)Comments | August 16, 2026  2:01 pm

තමන්ට සිදුකරන අපහාස සම්බන්ධව ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

(0)Comments | August 16, 2026  2:20 pm

ගාලු මුවදොර වෙරළේ තිබී මළසිරුරක් සොයාගනී

ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇති වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

(0)Comments | August 16, 2026  3:09 pm

වසර 38ක් ශ්‍රී ලංකාවටත් අභියෝගයක් වූ 'ඔසී' බලකොටුව බිඳ දැමූ බංග්ලාදේශය

වසර 149ක ඉතිහාසයකට උරුමකම් කියන, ක්‍රිකට් පිටියේ පතාක යෝධයෙකු වන ඔස්ට්‍රේලියානුවන්, ඔවුන්ගේම මව්බිමේදී පරාජය කර බංග්ලාදේශය ලැබූ ඓතිහාසික ක්‍රිකට් ලොව ප්‍රධාන මාතෘකාව වී ඇත.

(0)Comments | August 16, 2026  3:37 pm

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් පාර්ලිමේන්තු සංසදයට - සජිත්

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට ඉදිරිපත් කර තිබේ.

(0)Comments | August 16, 2026  3:38 pm

උපන්දින කේක් ගෙඩිය 11දෙනෙකු රෝහල් ගත කරයි

උපන්දින සාදයකදී කේක් අනුභව කිරීම හැමෝම අසාවෙන් බලා සිටින දෙයකි. 

(0)Comments | August 16, 2026  4:00 pm

යතුරුපැදි ධාවන තරගයක සිදුවූ බිහිසුණු අනතුර

නුවරඑළිය බ්ලැක්පූල් සහ මාගස්තොට අතර පැවති යතුරුපැදි තරගාවලියකදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරට පත් ව බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර තිබේ.

(0)Comments | August 16, 2026  4:23 pm

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම්

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ඉදිරි දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 

(0)Comments | August 16, 2026  4:34 pm

රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේන‍යේ 5ක් මරුට

රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | August 16, 2026  4:35 pm

ඇමති හඳුන්නෙත්තිගෙන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඇරයුමක්

මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටී.

(0)Comments | August 16, 2026  4:52 pm

රු. මි. 134ක වියදමින් කළුතර ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික පිරිවැයකින් නවීකරණය කරන ලද ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

(0)Comments | August 16, 2026  5:23 pm

22 ගැන කියන්න ෆ්‍රී ලෝයර්ස් නියෝජිත පිරිසක් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි බැහැදකී

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරන බව කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

(0)Comments | August 16, 2026  5:27 pm

තවත් අන්තර්ජාල වංචාවක සුලමුල හෙළිවෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

(0)Comments | August 16, 2026  6:10 pm

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට

වෙරිටේ රිසර්ච් විසින් සිදුකරන ලද ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) සමීක්ෂණයේ නවතම වාර්තා අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2026 පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ 15%කින් පහළ ගොස් තිබේ.

(0)Comments | August 16, 2026  6:15 pm

සතුරු මාධ්‍ය සමඟ ගනුදෙනු අපරාධයක් ලෙස සලකමින් ඉරානයෙන් නව පනත් කෙටුම්පතක්

අමෙරිකානු හෝ ඊශ්‍රායල මාධ්‍ය ඇතුළුව ඉස්ලාමීය ජනරජයට එරෙහි යැයි සැලකෙන "සතුරු" මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ වෙනත් සන්නිවේදනයන් අපරාධයක් ලෙස සලකන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

(0)Comments | August 16, 2026  6:31 pm

අයිස් සමඟ පුද්ගලයෙකු මාට්ටු

උප්පුවේලි, පුලියමන්කුලම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක්  සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | August 16, 2026  7:00 pm

පුද්ගලයින් 8 දෙනෙකු සමඟ ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් අතුරුදන්

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කළ බෝට්ටුවක් පුද්ගලයින් 8 දෙනෙකු සමඟ අතුරුදන්ව තිබේ.

(0)Comments | August 16, 2026  7:16 pm

අනතුරට ලක්වූ නාවික හමුදා යාත්‍රාව සෙවූ මෙහෙයුම

මුර සංචාරයක් නිමවා නැවත පැමිණෙමින් සිටින අතරතුර මොරටුව අඟුලානට ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ වේග ප්‍රහාරක යාත්‍රාව  ගොඩගැනීමට නාවික හමුදාව අද (16) සමත් විය.

(0)Comments | August 16, 2026  7:49 pm

අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.

(0)Comments | August 16, 2026  8:11 pm

බංග්ලාදේශයෙන් ඉන්දියාවට තරවටු කිරීමක්

ඉන්දියාව විසින් හිටපු අගමැති ෂෙයික් හසීනා පිටුවහල් කරන තුරු බංග්ලාදේශ අගමැති තාරික් රහමාන් එරට සංචාරය නොකරන බව බංග්ලාදේශය තහවුරු කර ඇත.

(0)Comments | August 16, 2026  9:25 pm

‘Derana Teen Star’ පළමු අදියරේ කිරුළ Team Agni සහ ඉමෙත් ජයරත්නට

නව යෞවනයේ දැවැන්තම තාරකා පෙළහර 'Derana Teen Star' පළමු අදියරේ අවසන් මහා තරගය අද (16) පැවැති අතර, එහිදී සමූහ අංශයේ ශූරතාව දිනාගැනීමට 'Team Agni' සමත් විය.

(0)Comments | August 16, 2026  10:41 pm

සේවයෙන් ඉවත්වූ හා ඉවත්කළ පොලිස් නිලධාරීන් පිළිබඳ අනාවරණයක්

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

(0)Comments | August 16, 2026  11:15 pm

පස් කන්දක් කඩාවැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් අවහිර වෙයි 

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

(0)Comments | August 15, 2026  6:18 am

ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක් එරටට සුනාමි අනතුරු ඇඟවීම් - මෙරටට බලපෑමක් නෑ

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

(0)Comments | August 15, 2026  6:23 am

ශිරාන් බාසික් CCIBයට

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.

(0)Comments | August 15, 2026  7:05 am

අද කාලගුණය - මුහුද ගැනත් දැනුම්දෙයි

අද (15) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකිය.

(0)Comments | August 15, 2026  7:34 am

ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ අද (15) අලුයම හටගත් රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් මිය ගිය පිරිස තවත් ඉහළ ගොස් තිබේ.

(0)Comments | August 15, 2026  8:00 am

හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ

කුයිල්වත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබූ හැටන් -  කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. 

(0)Comments | August 15, 2026  8:30 am

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් සටන අද ගාල්ලේදී ඇර⁣ඹේ

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ආරම්භ වේ.

(0)Comments | August 15, 2026  9:30 am

ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

(0)Comments | August 15, 2026  9:39 am

ඉන්දියාවට අයත් යැයි සැක යාත්‍රාවක් හලාවත ඉරණවිල වෙරළට ඇවිත්

ඉන්දියාවට අයත් බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් අද (15) අලුයම හලාවත ඉරණවිල වෙරළට ගොඩගසා තිබේ.

(0)Comments | August 15, 2026  9:50 am

අධික උණුසුම සහ වර්ෂාව නිසා දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික උෂ්ණත්වය සහ තවත් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සහිත කාලගුණික වෙනස්වීම් හේතුවෙන්, දරුවන් අතර ආකාර දෙකකින් රෝග කාරක බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

(0)Comments | August 15, 2026  11:23 am

බෝතල් පත්තරවලට විකුණු අධ්‍යාපන පෙළපොත් අතින් අත ගිය හැටි හෙළිවෙයි

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුත් පෙළපොත් අතුරුදන් කරවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

(0)Comments | August 15, 2026  11:50 am

ජනාධිපති සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව නීතිඥ සංගමය ඉල්ලයි 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | August 15, 2026  12:08 pm

ඉන්දුනිසියාවේ භූකම්පනයෙන් මියගිය පිරිස 20 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | August 15, 2026  12:44 pm

අඟුලා⁣න මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට

අඟුලා⁣න මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ.

නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශකවරයා සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම යාත්‍රාවේ සිටින පිරිස් මුදා ගැනීමට මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.

(0)Comments | August 15, 2026  1:11 pm

බන්ධනාගාරවලින් පැනගිය සිරකරුවන් 709ක් තවමත් එළියේ

ගතවූ වසර 06ක කාලය තුළ දඬුවම් කාලය අවසන්වීමට පෙර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බන්ධනාගාරවලින් පැනගිය සිරකරුවන් 709ක් නැවත අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

(0)Comments | August 15, 2026  1:31 pm

නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනාධිපති කාර්යාලයෙන් පිළිතුරු

ජනපතිවරයා සමග පසුගිය 12 වනදින පවත්වනු ලැබූ රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ලිපියක් යොමු කර තිබේ.

(0)Comments | August 15, 2026  1:51 pm

මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට තිත තබන බවට ධීවර ඇමතිගෙන් සහතිකයක්

ධීවර ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනමින් ප්‍රායෝගික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

(0)Comments | August 15, 2026  2:09 pm

ශිරාන් බාසික්ගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කර තිබේ.

(0)Comments | August 15, 2026  2:11 pm

ප්‍රමාදවූ රස පරීක්ෂක වාර්තා 9000ක් මසක් තුළ අවසන් කරනවා - ඇමති විජේපාල

දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

(0)Comments | August 15, 2026  2:18 pm

මහනුවර රෝහලට රු.මි. 570ක අතිනවීන වෛද්‍ය උපකරණ

මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 570ක වටිනාකමකින් යුත් අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති 3ක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම අද (15) සිදු කෙරිණි.

(0)Comments | August 15, 2026  2:36 pm

නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි

ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

(0)Comments | August 15, 2026  2:57 pm

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 06දෙනෙකු මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | August 15, 2026  3:14 pm

ඇල්ල සංවර්ධනයට රුපියල් මිලියන 1000කට අධික දැවැන්ත ව්‍යාපෘති රැසක්

ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. 

(0)Comments | August 15, 2026  4:09 pm

රතු වරෙන්තු ලැබූ තවත් 73ක් ඉදිරියේදී මෙරටට ගෙන්වා ගන්නවා - පොලිස්පති

විදේශ රටවල සැඟව සිටින ප්‍රබල පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත්, තවත් සියයකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

(0)Comments | August 15, 2026  4:09 pm

බස් රියදුරුට පහරදීමට තැත්කළ සිද්ධිය - කාන්තාව ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් 

බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

(0)Comments | August 15, 2026  4:49 pm

පෙළපොත් කඩදාසිවලට විකිණීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පස්දෙනා රිමාන්ඩ්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | August 15, 2026  4:56 pm

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | August 15, 2026  5:17 pm

ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ 

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | August 15, 2026  5:41 pm