Sri Lanka
February 23, 2012  12:18:AM
Bookmark

උණුසුම් පුවත්

වෙඩි එපා-අයිතිය ඕනෑ

වෙඩි වෙනුවට ජනතාවගේ අයිතීන් ලබාදිය යුතු බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පවසයි.

කළුවර දුරුවෙයි

රට පුරා ප්‍රදේශ කිහිපයක හදිසියේ සිදුවූ විදුලිය ඇණහිටීමේ තත්ත්වය මේවන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

රට පුරා තැන් කිහිපයක් කළුවරේ

රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලිබලය ඇණහිට ඇති බවත්,හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල ඉංජිනේරුවන් විසින් කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති අසුනට විජයදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයෙන් නව සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා තේරි පත්ව තිබේ.

ගණන් කරන්නට ඉඩ නොදුන්නොත් බලාගෙනයි

දීප ව්‍යාප්තව පවත්වන ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරී‍මේ කටයුතු පෙබරවාරි මස 27 වැනි දින සිට මාර්තු මස 19 වැනි දින දක්වා ක්‍රියාත්මක බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

වී මිලදීගන්න රුපියල් මිලියන 2,200 ක් මුදාහරියි

මේ දිනවල සිදුකෙරෙන 2011 මහ කන්නයට අදාළ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 2,200 ක් මුදා හැර තිබේ.

28 මීගමුවට වතුර කැපේ

ලබන 28 වැනිදා පැය 12 ක කාලයක් මීගමුව සහ තදාසන්න ප්‍රදේශ‍වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වෛද්‍ය ඝාතන තැතේ තතු එළිවෙයි

සෙවනගල රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධ රස පරික්ෂණ වාර්තා නිකුත් වී තිබේ.

21 හැවිරිදි තරුණියක් දුම්රියට පැන දිවිනසාගනියි

මීරිගම, ගනේගොඩ සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්වී තිබේ.

පෞද්ගලික වීශ්වවිද්‍යාල අනිවාර්යයි

කුමන බාධක පැමිණියත් මේ රට තුළ පෞද්ගලික වීශ්වවිද්‍යාල අරම්භ කරන බව උසස් අධ්‍යාපන ආමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි.

මෙරට පාර්ලිමේන්තුවටත් හොරෙන් ජීනීවා සමුළුවට විශේෂ ලියවිල්ලක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ ලියවිල්ලක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවෙන් සැලසුම් කර ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නීතිඥ නිලවරණය උණුසුම්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ.

රනිල්ට තිස්සට අධිකරණයෙන් කල්දෙයි

එක්සත් ජාතික පක්ෂයේ පසුගියදා පැවති නිලවරණයෙන් එම පක්ෂයේ නව නායකයා‍ ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කොළඹ දිසා අධිකරණය විසින් කල්ලබා දී තිබේ.

රොෂේන් චානකට ලක්ෂ 10 යි ඇන්ටනීට ලක්ෂ 5 යි-ආණ්ඩුවෙන් ජීවිතවල වටිනාකම හෑල්ලු කරමින් ඉන්නවා

(වීඩියෝ)

පසුගිය 17 වන දින පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයට පොලීසිය විසින් ප්‍රහාර එල්ලකිරීම හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

රක්ෂණ නියෝජිතයාගෙන් රු.15,000 ක් අත යටින් ඉල්ලලා-01 දක්වා රිමාන්ඩ්

රු.15,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගනු ලැබූ කළුතර නගර සභාවේ කර්මාන්ත අධිකාරීවරයා මාර්තු මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවේ

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රී රෝද රථ රියදුරෙකු ඇල්පිටිය, කුරුදුගහ හැතැහ්ම නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බුළුවාවේ ගින්නක්-අක්කර 300 ක් විනාශයි

වීඩියෝ

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට අයත් පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය 2016 දී නිමයි

මොරගහකන්ද , කළුගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2016 වසර වන විට නිමකරන බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ක්‍රීඩා පිටිය

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(21) පැවති අටවන තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 51 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

ව්‍යාපාරික පුවත්

ජනපති අරමුදලේ සේවය අන්තර්ජාලගත කෙරෙයි
ජනපති අරමුදලේ සේවය අන්තර්ජාලගත කෙරෙයි

ජනාධිපති අරමුදල යටතේ සිදුවන සේවාවන්ට අයත් කටයුතු පරිගණක ගත කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.

Innovative Teachers & Students -2011
Innovative Teachers & Students -2011

අධ්‍යාපන අමාත්‍යංශයේ දැනුමැති සමාජයක් සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතිය (EKSP) හා මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය එකමුතුවෙන් සංවිධානය කරන ලද ගුරුභවතුන් හා සිසුන් උදෙසා ගෙන එන තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නිර්මාණශීලී(Innovative Teachers & Students 2011)ජාතික තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය පෙබරවාරි මස 15 වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී පැවත්විණි.

Hutch ස්කෝර් එක කීයද?
Hutch ස්කෝර් එක කීයද?

Hutch සමාගමේ වෙළඳ නාමය ඇගයීමට හා අලෙව් නියෝජිතයින් දිරිගැන්වීම වෙනුවෙන් Hutch ස්කෝර් එක කීයද? පැවති තරඟාවලියේ වැඩිම ලකුණු එක්රැස් කරගත් ජයග‍්‍රාහකයන්ට ත්‍යාග හිමිකරදීමේ උත්සවය අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා පැවත්විණි.

ප්‍රධාන පුවත්

 ජීවන වියදම ඉහළට-ජීවන වියදම් දීමනාව පහලට

ජීවන වියදම ඉහළට-ජීවන වියදම් දීමනාව පහලට

තෙල් මිල, බස් ගාස්තු, සහ විදුලි බිල පහත හෙළන ලෙසත් වැඩි වී ඇති ජීවන විදයම සමනය කරගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව රුපියල් 3000/=කින් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයක් අද (22) දහවල් රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් වැඩබිම් මට්ටමින් පවත්වන උද්ඝෝෂණ මාලාවක එක් උද්ඝෝෂණයක් ලෙස මෙම උද්ඝෝෂණය පැවැත්විණි. මෙම උද්ඝෝෂණය රාජ්‍ය මුද්‍රණ වෘත්තීය සමිති සන්ධානයේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එම උද්ඝෝෂණය රාජ්‍ය මුද්‍රණ සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සරත්ලාල් පෙරේරා ඇතුළු වෘත්තීය සමිති නායකයින්ගේ මූලිකත්වයෙන් සිදුවිය.

Full Story >>
 ඉල්ලීම් ලැබෙනතුරු..!

ඉල්ලීම් ලැබෙනතුරු..!

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(22)කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.මේ එහි අවස්ථාවකි.

ඡායා රූ-එරංග පෙරේරා

Full Story >>

බයිස්කෝප් විත්ති

බොලිවුඩ් පුරයෙන්

අද දෙරණ පුවත් විකාශය

විකාශය වූ පුවත්

> 2012-02-22 දෙරණ අරුණ  12.30 pm  8:00 pm 
> 2012-02-21 දෙරණ අරුණ  12.30 pm  8:00 pm 
> 2012-02-20 දෙරණ අරුණ  12.30 pm  8:00 pm 
> 2012-02-19     8:00 pm 

වීඩියෝ පුවත්

 

කතිකා මණ්ඩපය

උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදය

බොහෝ සුබසාධක ආපන ශාලාවල උදෑසන මෙන්ම දිවා ආහාර වේලාවල දී දක්නට ලැබෙන එක් හොදි බඳුනක් තිබේ. එය බොහෝ විට දමා ඇත්තේ ලොකු බේසමක ය. පැහැයෙන් එය දිලිසෙන තෙල් මුසු රතු පාට ය. උදෑසන කෑමට පාන්, ඉඳිආප්ප, වැනි කවරක් හෝ මිලට ගන්නා පාරිභෝගිකයා වේවා දහවල් ආහාරයට බත් මිලට ගන්නා පාරිභෝගිකයා වේවා මේ බඳුන අසලට ආ විට සැමදාම සුපුරුදු පැනයට මුහුණ දෙයි. ...

More Archives

බිත්තර යුද ටැංකිය

පැය 512 ක කාලයක් වැයකරමින් බිත්තර ඇසුරුම්වලින් නිර්මාණය කළ සාමාන්‍ය යුද ටැංකියකම ප්‍රමාණයෙන් යුත් අපූරු යුද ටැංකියක් ...

More Archives

ලන්ඩනයේ වෙ‍ළඳසැලක සෝපානයේ ගැඹුරු වළක්

ලන්ඩනයේ තට්ටු ගණනක් උස එක්තරා වෙළඳසැලක සෝපානයේ ගැඹුරු අගාධයක් දුටු පාරිභෝගීකයෝ බියෙන් තැති ගත් පුවතක් නොබෝ දා වර්තා විය. ...

More Archives

 
Click bottom right arrow - Full Screen

ප්‍රාදේශීය පුවත්

උතුරු පළාතේ සංවර්ධනය සඳහා වූ  සැලසුම එළිදකි
උතුරු පළාතේ සංවර්ධනය සඳහා වූ සැලසුම එළිදකි

2012 වර්ෂය සඳහා උතුරු පළාතේ, සංවර්ධන ආධාර සඳහා වූ ඒකාබද්ධ සැලසුම එළිදක්වා තිබේ.

අධිවේගී මාර්ගයේ ගුණාත්මක බව නැංවිමේ වැඩපිළිවෙළක්
අධිවේගී මාර්ගයේ ගුණාත්මක බව නැංවිමේ වැඩපිළිවෙළක්

දක්ෂීණ අධිවේගී මාර්ගයේ ගුණාත්මකබව ඉහළ නැංවීම සඳහා ජාතික ගමනාගමන කොමිසන් සභාව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ජනමත විමසුම

ඉන්ධන මිල ඉහළයාමට එරෙහිව රට පුරා උද්ගතවෙමින් පවත්නා විරෝධතා ව්‍යාපාර..?
සාධාරණය.
අසාධාරණය.
ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි.
එන්.ජී.ඕ වැඩපිළිවෙළකි.

View results
comments (3)
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer