උණුසුම් පුවත්
පිරිවෙන්වලටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්
ඉදිරි මාස දෙක තුන තුළ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ, ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ පවසති.
GMOA සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන පෙබරවාරි 02 වැනිදා සිට තීව්ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ.
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ.
දහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනී
අමෙරිකානු එක්සත් ජනපදයේ 'නාවික සීල්' පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ලෙස සැලකෙන ලුතිනන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී සිදුකෙරුණි.
'ෂරියා' නීතිය උල්ලංඝනය කළ යුවළකට වේවැල් පහර 140ක්
'ෂරියා' හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කළ බවට වරදකරුවන් වූ යුවළකට වේවැල් පහර 140ක් එල්ලකර දඬුවම් කිරීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි
හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම එම සමාගමේ පරිපාලනමය ව්‍යූහයේ සිදු කළ යුතු වෙනස් කිරීම්වලට අදාළව ගත් තීරණයක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
උපවාසයේ නිරත විරෝධතාකරුවන් හමුවීමට සජිත් එයි
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භකර තිබෙන මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ පැමිණියේය.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්
අද (31) සහ හෙට (01) යන දෙදින උදෑසන සහ සවස කාලවල මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඇල්ලීමට තහනම් කටු පොකිරිස්සන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට
ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.
නීතිවිරෝධී කැස්බෑ බිත්තර 117ක් සමග අයෙක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස කැස්බෑ බිත්තර එකසිය දහ හතක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ලොව රන් සහ රිදී වෙළෙඳපොළේ හදිසි මිල අඩුවීමක්
ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා මහතා අනතුරු අඟවා තිබේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්
මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.
කොංගෝවේ පතලක් කඩා වැටී 200කට වැඩි පිරිසක් මරුට
නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
ගිනිඅවියක් සමග අවුරුදු 24ක තරුණයෙකු අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත අංකය මකා දමන ලද ගිනිඅවියක් හා එම අවියට යොදන පතොරොම් 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ'හාරා අභාවප්‍රාප්ත වෙයි
'Home Alone' චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ'හාරා ඊයේ (30) අභාවප්රාත්ත වී තිබේ.
GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද
තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
පියා විසින් අවුරුදු 14ක් වූ තම දියණිය ඝාතනය කරයි
දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
අද පස්වරුවේ තරමක තද වැසි
අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි.
විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
එංගලන්තයට ලකුණු 134ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබේ.
දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්
ආපදා බලපෑම හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.