උණුසුම් පුවත්

22ට එරෙහිව පළමු දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් - සම්පූර්ණ කතාව

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මගින්ය.

(0)Comments | August 18, 2026  8:45 pm

රටේ ආර්ථිකය ගැන හිටපු ජනපති රනිල්ගෙන් රතු එළියක්

එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 18, 2026  8:03 pm

මුහුදු රළ ඉහළ යාම පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්

මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 18, 2026  7:58 pm

රාජිතගේ සොයුරා ඇප ලැබුණත් රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා ඇප මත මුදා හැර ඇති නමුත් ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(0)Comments | August 18, 2026  7:15 pm

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල ගැන දැනුම්දීමක්

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වී තොග මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | August 18, 2026  6:59 pm

පළමු ටෙස්ට් තරගය ජයගන්න ශ්‍රී ලංකාවට තවත් ලකුණු 288ක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියේය.

(0)Comments | August 18, 2026  6:41 pm

පලෙයි කැලේ ත්‍රස්තවාදී කඳවුරක් ගැන සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යක් - ඇමති නලින්ද

පලෙයි කැලය තුළ LTTE ත්‍රස්තවාදී කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | August 18, 2026  6:00 pm

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.

(0)Comments | August 18, 2026  5:55 pm

මහීල් සේනාරත්නට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.

(0)Comments | August 18, 2026  5:52 pm

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් දෙකට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කර තිබේ.

(0)Comments | August 18, 2026  5:35 pm

දක්ෂිණ අධිවේගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු මාට්ටු

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 18, 2026  5:07 pm

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස ක්‍රියා කිරීම පිණිස 'මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක්' පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 18, 2026  5:04 pm

තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ ව්‍යවස්ථාපිත ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 18, 2026  4:38 pm

22 වන සංශෝධනයට එරෙහිව Free Lawyers සංවිධානයෙනුත් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව Free Lawyers සංවිධානය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

(0)Comments | August 18, 2026  4:19 pm

චෝදනා දෙකකට අදාළව කෙහෙළිය ඇප මත මුදා හැරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

(0)Comments | August 18, 2026  4:08 pm

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය විසින් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

(0)Comments | August 18, 2026  4:04 pm

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

(0)Comments | August 18, 2026  4:01 pm

චන්දිමාල් වෙනුවට පසිඳු ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් වෙනුවට, පසිඳු සූරියබණ්ඩාර කැඳවීමට තීරණය කර ඇත.

(0)Comments | August 18, 2026  3:36 pm

බැංකු කළමනාකරුවන් සිව්දෙනා ගැන තවත් කරුණු රැසක් නලින්ද හෙළි කරයි

මෙරටින් පිටට නීතිවිරෝධීව අමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදලක් උණ්ඩියල් ක්‍රමය යටතේ ප්‍රේෂණය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් 4 දෙනා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) කරුණු රැසක් අනාවරණය කරනු ලැබීය.

(0)Comments | August 18, 2026  3:08 pm

නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු වනජීවී අධීක්ෂණය යටතේ ඇරඹීමට කැබිනට් අනුමැතිය

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාවණා ඇල්ල අභය භූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටා ඇති දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් වන 'නිල්දිය පොකුණ' ආශ්‍රිත සංචාරක කටයුතු, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 18, 2026  2:53 pm

සංචාරක ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවක්

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් ශ්‍රී ලංකාව තුළ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

(0)Comments | August 18, 2026  2:46 pm

ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (18) සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස්කළේය. 

(0)Comments | August 18, 2026  2:42 pm

රුසියාවේ අගනුවර ඉලක්ක කර දරුණු ඩ්‍රෝන ප්‍රහාර 600ක්

රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර 600ක් ඊයේ රාත්‍රීයේ එල්ල වී තිබේ. 

(0)Comments | August 18, 2026  2:34 pm

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එන නව පනතට කැබිනට් අනුමැතිය

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි, නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

(0)Comments | August 18, 2026  2:09 pm

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක් ලබා දීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 18, 2026  2:01 pm