උණුසුම් පුවත්

හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අල්ලයි

බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

(0)Comments | February 1, 2026  10:32 am

ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

නවදිල්ලියේදී පැවැති දෙවන ඉන්දියා - අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව තිබේ.

(0)Comments | February 1, 2026  10:17 am

උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙකු ලක්ෂ 50ක අයිස් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

(0)Comments | February 1, 2026  9:51 am

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ.

(0)Comments | February 1, 2026  8:50 am

ඝාතන දෙකකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

දෙහිවල සහ කොහුවල ප්‍රදේශයන් හී සිදුවූ වෙඩි තැබීම් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 1, 2026  8:04 am

වර්තමානයේ සංඝරත්නයට සහ ශාසනයට ලැබෙන සැලකිලි සම්බන්ධව ගැටලුවක් - පූජ්‍ය ‍වෙඬරුවේ උපාලි හිමි

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

(0)Comments | February 1, 2026  7:31 am

පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

පෞරාණික වටිනාකමකින් යුතු බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 1, 2026  6:51 am

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි 

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | February 1, 2026  6:27 am

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

(0)Comments | February 1, 2026  6:13 am

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන ලෙස දිලිත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට අත්‍යවශ්‍ය බවත් , එය සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | January 31, 2026  10:32 pm

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

(0)Comments | January 31, 2026  9:41 pm

පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (30) දිනයේදී පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

(0)Comments | January 31, 2026  8:32 pm

ශ්‍රී ලංකාව සමඟ චීනයෙන් නව ගුවන් සේවාවක්

චීනයේ කැපිටල් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් අද (31) පස්වරුවේ බෙයිජිං නුවර - ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. 

(0)Comments | January 31, 2026  7:22 pm

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව හිටපු නියෝජ්‍ය කථානායක අජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ විසින් ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | January 31, 2026  6:48 pm

ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් 

දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් අද (31) නැව්ගත කර තිබේ. 

(0)Comments | January 31, 2026  6:19 pm

විදෙස්ගතව සැඟව සිටින ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 31, 2026  5:44 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | January 31, 2026  5:21 pm

යුද්ධයෙන් පලස්තීනූවන් 70,000ක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනියි

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර පැවැති ගැටුම්වලින් පලස්තීනූවන් 70,000ක් පමණ මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි. 

(0)Comments | January 31, 2026  5:16 pm

කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

(0)Comments | January 31, 2026  4:40 pm

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ සුළු භූ කම්පනයක්

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ මැග්නිටියුඩ් ඒකක 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවය.

(0)Comments | January 31, 2026  4:36 pm

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට කල් යයි

විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

(0)Comments | January 31, 2026  4:10 pm

​ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බව අගමැතිනිය කියයි

අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 

(0)Comments | January 31, 2026  3:36 pm

T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ.

(0)Comments | January 31, 2026  2:58 pm

පිරිවෙන්වලටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්

ඉදිරි මාස දෙක තුන තුළ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ පවසති.

(0)Comments | January 31, 2026  2:10 pm

GMOA සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන පෙබරවාරි 02 වැනිදා සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ.

(0)Comments | January 31, 2026  2:06 pm