උණුසුම් පුවත්

ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

(0)Comments | January 20, 2026  9:21 am

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට දුරකථන අංක

2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී ඇත.

(0)Comments | January 20, 2026  9:12 am

ජින්තුපිටියේ වෙඩි තැබීමට 5ක් අත්අඩංගුවට

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට තිබේ.

(0)Comments | January 20, 2026  8:29 am

නව ත්‍රස්ත පනතට 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ විරෝධය

‍රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.

(0)Comments | January 20, 2026  8:04 am

අස්වැසුම යෝජනා ක්‍රමය ගැන පාර්ලිමේන්තු විවාදය අද

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | January 20, 2026  7:42 am

මධුසමය ගත කිරීමට ලෝකයේ හොඳම ස්ථාන 25 අතර තැන් තුනක්ම ලංකාවේ

‍2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

(0)Comments | January 20, 2026  7:28 am

කෝටි විසි අටකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් 283,300,000 මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 20, 2026  7:05 am

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

(0)Comments | January 20, 2026  6:55 am

අදත් වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | January 20, 2026  6:20 am

ගල්අඟුරු වාර්තාවේ දත්ත වෙනස් කිරීමට බලපෑම්?

ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්වන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිරික්සන පරීක්ෂණ වාර්තාවේ දත්ත වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් එල්ල කිරීම, මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීමට හේතුව බවට පාර්ශ්ව කිහිපයක් රජයට චෝදනා කරයි.

(0)Comments | January 19, 2026  10:35 pm

කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි

කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාව මත විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විමර්ශන සිදුකළ කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

(0)Comments | January 19, 2026  8:49 pm

මනුෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී

කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

(0)Comments | January 19, 2026  8:17 pm

ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

(0)Comments | January 19, 2026  7:43 pm

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ

උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ. 

(0)Comments | January 19, 2026  7:09 pm

උපරිම උෂ්ණත්වය රත්නපුරයට

අද (19) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | January 19, 2026  6:34 pm

පියාට නින්ද ගොස් බිලිඳිය දෑතින් වැටී මිය ගිහින්

පියෙකු තුරුලේ නැලවෙමින් සිටි බිලිඳියක් පියාට නින්දයෑම හේතුවෙන් ඔහුගේ දෑතින් වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් බිලිඳිය මියයෑමේ සිද්ධියක් අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

(0)Comments | January 19, 2026  6:07 pm

වෛද්‍යවරුන් ලබන 23 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරයි

ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

(0)Comments | January 19, 2026  5:23 pm

කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළේය.

(0)Comments | January 19, 2026  4:32 pm

හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනයක්

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. 

(0)Comments | January 19, 2026  4:18 pm

ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න වෙලා - බිමල් රත්නායක 

හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 

(0)Comments | January 19, 2026  4:09 pm

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

(0)Comments | January 19, 2026  3:39 pm

දියඹේදී අසාධ්‍ය වූ ධීවරයෙකුගේ දිවි බෙරා ගන්න නාවික හමුදාවේ සහාය

දකුණු මුහුදේ දී අසාධ්‍ය ත්ත්වයෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා අද (19) උදෑසන කටයුතු කර තිබේ.

(0)Comments | January 19, 2026  3:22 pm

හලාවතින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | January 19, 2026  3:21 pm

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබේ.

(0)Comments | January 19, 2026  2:42 pm

Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

"Rebuilding Sri Lanka" ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ‍. 

(0)Comments | January 19, 2026  2:08 pm