උණුසුම් පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද ද සිල්වාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් අධිකරණයට ප්‍රකාශ

ඇප ලබා පැමිණි කපිල චන්ද්‍රෙස්න මහතා ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් හේතුවෙන් යළි සිරගත වීමට සිදුවතිබීම සම්බන්ධයෙන් දැඩි අකමැත්තකින් පසුවූ බව ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

(0)Comments | May 12, 2026  7:58 pm

උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් විසඳුම්

දීර්ඝ කාලයක් පුරාවට උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයන් හී ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුව සඳහා කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථීර විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.

(0)Comments | May 12, 2026  7:36 pm

යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා - පොලිස් ඇමති

රට තුළ දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

(0)Comments | May 12, 2026  6:39 pm

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් වැටලීම් අඛණ්ඩව ඉදිරියට

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

(0)Comments | May 12, 2026  6:22 pm

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි 

මෙරට පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් විශ්‍රාමික Nayyar Naseer HI මහතා ඊයේ (11) විශ්‍රාමික නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවී තිබේ.

(0)Comments | May 12, 2026  6:02 pm

2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

(0)Comments | May 12, 2026  5:55 pm

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වා තිබේ. 

(0)Comments | May 12, 2026  5:39 pm

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි.

(0)Comments | May 12, 2026  5:38 pm

තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනපති අනුරට තුති

තමිල්නාඩුවේ 13 වන මහ ඇමතිවරයා ලෙස පත් වූ සී. ජෝසප් විජේ මහතා, තම මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සුබ පැතුම් එක් කළ අනුර කුමාර දිසානායක මහතාට ස්තූතිය පළ කර තිබේ.

(0)Comments | May 12, 2026  5:36 pm

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 12ක් විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.

(0)Comments | May 12, 2026  5:15 pm

ඇමති විජිත බෙලරූස් ජන රජයේ නිල සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරූස් ජනරජයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

(0)Comments | May 12, 2026  4:59 pm

ප්‍රදේශ රැසක නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබේ.

(0)Comments | May 12, 2026  4:59 pm

හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.

(0)Comments | May 12, 2026  3:11 pm

මැයි ගෙවුණු දින 10ට සංචාරකයින් 46,606ක් මෙරටට ඇවිත්

මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | May 12, 2026  2:55 pm

මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසට කැබිනට් අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසේ 2 වන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | May 12, 2026  2:21 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් මණ්ඩලය විසින් රැස්වී ගනු ලැබූ තීරණ පහතින් දැක්වෙයි.

(0)Comments | May 12, 2026  1:25 pm

කපිල චන්ද්‍රසේනගේ ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කළ තැරැව්කරුවන් දෙදෙනා රිමාන්ඩ්

කෙසෙල්වත්ත පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

(0)Comments | May 12, 2026  1:13 pm

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්

මැයි දින වේදිකාවේදී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසයි.

(0)Comments | May 12, 2026  1:11 pm

චීවරධාරීන් 23දෙනා 26 දක්වා යළි රිමාන්ඩ්

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා එළඹෙන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

(0)Comments | May 12, 2026  12:56 pm

සයිබර් අපරාධවලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් පිරිසක් ගාල්ලේ දී අත්අඩංගුවට

ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | May 12, 2026  12:15 pm

බියෙන් තොරව රජකාරි සිදුකිරීමට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්

රාජ්‍ය නිලධාරීන් තුල යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | May 12, 2026  11:58 am

හෝරා කිහිපයකට පසු මහින්ද අල්ලස් කොමිසමෙන් එළියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය.

(0)Comments | May 12, 2026  11:57 am

හිස කඳින් වෙන් කළ අම්බලන්තොට ඝාතනය

අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

(0)Comments | May 12, 2026  10:58 am

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවය. 

(0)Comments | May 12, 2026  9:34 am

අල්ලස් කොමිසමට එන්න නිවසින් පිටවූ හිටපු ජනපති මහින්ද

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසින් පිටත්ව ගියේය.

(0)Comments | May 12, 2026  9:26 am