පාරිසරික ගැටලු කියන්න අලුතින් වට්ස්ඇප් අංකයක් 

පාරිසරික ගැටලු කියන්න අලුතින් වට්ස්ඇප් අංකයක් 

June 26, 2026   01:09 pm

පාරිසරික ගැටලු යොමු කිරීමට පරිසර අමාත්‍යාංශය හඳුන්වාදුන් නව වට්ස්ඇප් සේවාව අද (26) සිට ක්‍රියාත්මක වේ. 

ඒ අනුව මහජනතාවට අදාළ ගැටලු 0702509509 යන දුරකථන අංකය ඔස්සේ ඍජුවම දැනුම්දිය හැකිය. 

මෙම පණිවුඩ හුවමාරු ක්‍රියාවලියේදී කරුණු සහ සාක්ෂි සහිත ලිපිලේඛන, ඡායාරූප මෙන්ම නිල වාර්තා වෙත ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේය. 

මෙම ක්‍රියාවලිය හරහා පාරිසරික ගැටලුවලට වඩාත් නිවැරදි, විද්‍යාත්මක සහ කඩිනම් විසඳුම් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 

ක්ෂේත්‍ර මට්ටමින් සිදුවන පාරිසරික හානීන් ක්ෂණිකව වාර්තා කිරීමටත්, පරිසර හිතකාමී නව අදහස් සහ ප්‍රතිපෝෂණ ඍජුවම බලධාරීන් වෙත යොමු කිරීමටත් මේ තුළින් අවකාශ සැලසෙනු ඇති බව වැඩිදුරටත් සඳහන්ය.