header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
Jun 26, 202608:12 PM
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
Mobitel 1278

භෞත චිකිත්සකවරියගේ ඝාතනයට අදාළව, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවටය.

ඒ අනුව ප්‍රධාන සැකකරු ඇතුළු මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තෙල්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 17 වැනිදාය.

මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි තැනැත්තියක් බව පසුව අනාවරණය විය.

ඇගේ පෙම්වතා බව සඳහන් අයෙක් පිළිබඳ ලද තොරතුරු මත විමර්ශන විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එම ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා දරුවකු සමග යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසිනි.

ඔවුන්ට ආධර අනුබලදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනවලදී ලද තොරතුරු අනුවය.

පසුව පිරිස පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා සහාය ලබාදී ඇති බවය.

ඒ අනුව සැකකරු නුවරඑළිය පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ප්‍රාදේශිය සභා සේවකයා හරහා ප්‍රධාන සැකකරු මෙම පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති බවය.

ඝාතනය සිදු වූ දාට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 17වනදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසල ඉදිරිපිටදී අදාළ පොලිස් නිලධාරියා හමු වී තිබේ.

එහිදී ප්‍රාදේශිය සභා සේවකයා පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ "සර් මේ මගේ යාළුවෙක්. මෙයා ළඟ බොඩි එකක් තියෙනවා. ඒ මෙයා යාළුවෙලා හිටපු කෙල්ලගේ බොඩි එක. මේකට මොකක්ද කරන්නේ කියලා අහනවා" යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස් නිලධාරියා පවසා ඇත්තේ "මොකක් හරි හොස්පිට්ල් එකක් ළඟට ගිහින් දාන්න" ලෙසිනි.

ඒ අනුව ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා ඇගේ සිරුර තෙල්දෙණිය රෝහලට අසල දමාගොස් ඇත.

පසුව දිගන ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට ඔවුන් දෙදෙනා පැමිණ ඇති අතර එම ස්ථානයට අදාළ පොලිස් නිලධාරියා ද පොලිස් ජීප් රථයකින් පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ "ලෝයර් කෙනෙක් මම හොයලා දෙන්නම්. බය නැතුව හැංගිලා ඉන්න" යනුවෙනි.

පසුව ඉකුත් 18 වැනිදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශීය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසලට ගොස් පොලිස් නිලධාරියා හමුවී ඔහු සමග කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, "මරණ පරීක්ෂණ වාර්තාවෙන් දිවි නසාගැනීමක් ලෙස සටහන්වෙනකල් හැංගිලා ඉන්න" යනුවෙනි.

ඒ අනුව ඔහු නුවරඑළිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසා තිබේ.

එහිදී පොලිස් සැරයන්වරයා එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවය.

පසුව එම පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුගෙන් රුපියල් දස දහසක මුදලක් ඉල්ලාගෙන ප්‍රාදේශිය සභා සේවකයා සමග ගොස් මත්පැන් මිලදීගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරියා හා ප්‍රාදේශිය සභා සේවකයා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු ඉතිරි මුදල්වලින් පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත සුපිරි වෙළෙඳසැලකින් මී කිරි හට්ටියක් හා පැණි බෝතලයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

පසුව ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, "පශ්චාත් මරණ පරීක්ෂණයට සිටි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔයා වෙනුවෙන් පෙනී සිටිමට සූදානම් වූ නීතීඥවරයා, බයවෙන්න එපා මම බලාගන්නම්. මගේ නෝනට ස්නායු රෝගයක් තිබෙනවා, ඒකටත් උදව් කරන්න" යනුවෙනි.

ඒ අනුව එම ස්ථානයෙන් පිටත් වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වන තුරු එනම් දින 7ක් තුළදී අවස්ථා තුනකදී යාපනයට ගොස් ඇති බවත් තෙවැනි අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ බවත් පොලිසිය සඳහන් කළේය.

අනතුරුව ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් කාමරයට යනවිට භෞත චිකිත්සකවරිය කමරයෙහි වූ ජනෙල් රෙදි එල්ලන යෂ්ටියක එල්ලී දිවි නසාගෙන සිටි බවය.

නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇගේ මරණය ගෙල සිරකිරීමකින් සිදුවූ බවට තහවුරු වීම සමග විමර්ශන නොමඟ යැවීමේ අරමුණින් සැකකරු අසත්‍ය ප්‍රකාශ කරන බව පොලිසිය සැක පළ කරයි.

ජනෙල් රෙදි එල්ලන එම යෂ්ටිය මිනිසෙකුගේ බර දරාගැනීමට තරම් සවිමත් එකක් නොවන බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳ අදාළ මරණය සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana