
මෙරට සිදු වූ ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ඌරගහ ඉන්දික' නොහොත් ඉන්දික සම්පත් ඩුබායි රාජ්යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් වැඩිදුර දැනුම්දීමක් සිදු කර නොමැති වුවද, ප්රධාන පෙළේ මෙම අපරාධකරු කඩිනමින් දිවයිනට රැගෙන ඒම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් මේ වන විට අවශ්ය කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.
පසුගිය 2024 වසරේ පෙබරවාරි මස 26 වැනි දින කරන්දෙණිය ප්රදේශයේදී, ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්රධාන සැලසුම මෙහෙයවා ඇත්තේ මෙම 'ඌරගහ ඉන්දික' නැමැත්තා විසින් බව මීට පෙර අනාවරණය වී තිබුණි.
මෙම අපරාධයට සම්බන්ධ ප්රධාන වෙඩික්කරු සිද්ධියෙන් මාස කිහිපයකට පසු ගල්කිස්ස ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එහිදී පොලීසිය විසින් සිදු කරන ලද ප්රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ මෙම PHI ඝාතන කොන්ත්රාත්තුව විදේශගතව සිටින මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් ලබා දී ඇති බවයි.






















































