
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති/ අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
රජයට රුපියල් ලක්ෂ 51ක මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ධුරයේ කටයුතු කළ කාලසීමාවේ අම්පාර, සාමපුර ප්රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඇති ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.
එම ක්රියාවලිය හරහා තෙවන පාර්ශ්වයක් වෙත නීතිවිරෝධී ලෙස ජාතික තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ගෙවා ඇති බවද හෙළි වී තිබේ.
ඊට අමතරව අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ද තරුණ සේවා සභාවේ මුදලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් අයුතු ලෙස වැය කිරීමට කටයුතු කර ඇති බවත් අනාවරණය වී ඇත.
ඒ අනුව සැකකාර හිටපු සභාපතිවරයා අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



















































