ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි 

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි 

June 26, 2026   07:14 pm

2026 වසර පහ ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම අද (26) සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව එම අයදුම්පත්‍ර ලබන මස 08 වෙනිදා දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය. 

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වීමට සැලැසුම් කර තිබේ. 

ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙනු ඇත. 

පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.