උණුසුම් පුවත්
අයියා පිටියේ වීරයා වෙද්දි මල්ලි පිටියෙන් පිටත සුපිරි තරුවක් වෙයි
2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ලමීන් යමාල් පිටිය තුළ කැපී පෙනෙන අවධානයක් දිනා ගන්නා අතරතුර, ඔහුගේ තුන් හැවිරිදි සොහොයුරු කේන් ද පිටියෙන් පිටත සිදුකළ සුරතල් වැඩ නිසා ලොව පුරා රසිකයන්ගේ අවධානය නොඅඩුව දිනා ගත්තේය.
හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ
හමාස් සංවිධානයේ සමස්ත නායකයා ලෙස කලීල් අල්-හයියා (Khalil Al-Hayya) පත් කර ඇති බව එම සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු මර්දනයට මාර්ගෝපදේශයක් එළිදක්වයි
සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශය එළිදැක්වීම අද (20) සිදු කර තිබේ.
2025 - GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල අද (20) දින නිකුත් කර තිබේ.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කළු මුහුදේ දී වෙළෙඳ නෞකාවකට රුසියානු ප්‍රහාරයක්
යුක්‍රේනයේ ඔඩේසා (Odesa) වෙරළට ඔබ්බෙන් වූ ගිණිබිසව් (Guinea-Bissau) ධජය රැගත් වෙළෙඳ නෞකාවකට රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.
රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ ජාතික වැඩමුළුව ඇරඹේ
රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව" අද (20) කොළඹදී ආරම්භ විය.
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කරනු ලැබ තිබේ.
නීතිවිරෝධී බෙහෙත් පෙති සහ බීඩි කොළ තොගයක් සමඟ අයෙකු මාට්ටු
නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සඟවා තිබූ බෙහෙත් පෙති සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු මේ වනවිට බොරැල්ල කනත්තේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කර තිබේ.
දෙදෙනෙකු රෝහලට යැවූ බිහිසුණු අනතුර
පානදුර - හොරණ මාර්ගයේ අල්ළුබෝමුල්ල පොලිස් වසමට අයත් කුරුස හංදියේ ප්‍රදේශයේදී කැන්ටර් වර්ගයේ ලොරි රථයක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් ඇතුළු වාහන තුනක් එකිනෙක ගැටී තිබේ.
බන්ධනාගාරවල ඇති ගැටලු ගැන ජනපති සාකච්ඡාවක
මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දිර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ජාතික තරුණ සේවා සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් හය දෙනෙකු පත් කර තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී - වේදිකා දෙකක් අවහිරයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීට සුළු මෙහොතකට පෙර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මේ වන විට ඒ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි ජයරත්ත පෞද්ගලික මල් ශාලාවේ සිට බොරැල්ල කනත්ත වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
පළාත් සභා මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 33 දක්වා ඉහළ නැංවීමට යෝජනාවක්
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.
හැටන් මහජන පොළේ උණුසුම් තත්ත්වයක්
හැටන් මහජන පොළ භූමියේ පදික වේදිකාව අවහිර කරමින් අනවසර ඉදි කිරිම් සිදුකර වෙළෙම්කළ වෙළෙඳසැල් ඉවත් කිරීමට යෑමේදී හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් සහ වෙළෙඳසැල් හිමියන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩුව සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩුවී ඇති සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තීරණය කර තිබේ.
හෙට ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (21) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරග වැදීමට නම් ලිංගභේද පරික්ෂාව අනිවාර්යයි
ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරඟ වැදීම සඳහා ක්‍රීඩිකාවන් තම ජීවිත කාලය තුළ එක් වරක් පමණක් සිදු කළ යුතු අනිවාර්ය ජාන පරීක්ෂණයකින් සමත් විය යුතු බව කාන්තා ටෙනිස් සංගමය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.
දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19) දිනයේදී පුද්ගලයින් රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.