දෙදෙනෙකු රෝහලට යැවූ බිහිසුණු අනතුර
July 20, 2026 05:51 pm
පානදුර - හොරණ මාර්ගයේ අල්ළුබෝමුල්ල පොලිස් වසමට අයත් කුරුස හංදියේ ප්රදේශයේදී කැන්ටර් වර්ගයේ ලොරි රථයක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් ඇතුළු වාහන තුනක් එකිනෙක ගැටී තිබේ.
අද (20) සවස් කාලයේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇත.
බණ්ඩාරගම දෙස සිට පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථයක් මාර්ගයේ වාහන පසුකර යෑමට උත්සාහ කිරීමේදී දකුණු දෙසට ඇදී ගොස් ජීප් රථයෙහි ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් මාර්ගය අවහිර වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇතිවුණි.
