උණුසුම් පුවත්
නීති කැඩූ යතුරුපැදි 30ක් ටිපර් රථ 20ක් පොලිස් භාරයට
මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ අනතුරුදායක ලෙස ධාවනයේ යෙදුණු යතුරුපැදි 30ක්, ටිපර් රථ 20ක් පොලිස් භාරයට ගැනීමට කිලිනොච්චිය පොලිසිය කටයුතු කර තිබේ.
සජබයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක් පෞද්ගලික ගැටුමකින් මරුට
වීරකැටියේ දී ඝාතනය වූ තරුණයා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජියෙකු වන අතර ඔහු හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කරමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
පොසොන් සැමරීමට අනුරාධපුරයේ සියල්ල සූදානම්
ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.
වීරකැටියේ ඝාතනයක්
වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට
වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.
ජුනි 25 සහ 26 යන දෙදින දත්ත පදනම් කරගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ බව සඳහන් කළේය.
පොසොන් පොහොයට දිවයින පුරා දන්සැල් 18,129ක්
පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මත්පැන් බෝතලේ ස්ටිකර් එක ගැන අලුත් අනාවරණයක්
මත්පැන් බෝතල් මත අලවනු ලබන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය සඳහා දරනු ලබන වියදම එය ඩිජිටල් ලෙස මුද්‍රණය කළ ද අඩුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
සහස්පුරේ ඇළක පුද්ගල මළසිරුරක්
සහස්පුර පොලිස් වසමේ හල්ගහවත්ත ප්‍රදේශයේ ඇළක පිරිමි පුද්ගලයෙකුගේ මෘතශරීරයක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යාපනය ශික්ෂණ රෝහලට නවීන කැත් රසායනාගාර ඒකකයක්
උතුරු පළාතේ ප්‍රධානතම හා එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කළ AI තාක්ෂණයෙන්ද සමන්විත අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනතා අයිතියට පත්කළේය.
මාරක අනතුරු වළක්වා ගන්න පොලීසියෙන් දැඩි තීරණයක්
මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවනු ලබන රියැදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව, ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තේරී පත්ව තිබේ.
ආණ්ඩුව පිළිබඳ ජනතාවට තිබූ විශ්වාසය මුළුමනින්ම නැතිවෙලා - දිලිත් ජයවීර
ජනතාවට වත්මන් ආණ්ඩුව ගැන තිබූ විශ්වාසය වර්තමානය වනවිට සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇති බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ගිං ගඟට දමා තිබු මළ සිරුර ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ බව හෙළිවෙයි
දෑත් හා දෙපා කොන්ක්‍රීට් කණුවක ගැටගසා ගිං ගඟට දමා තිබු මළ සිරුර ලොකු පැටී නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන අල්මේදා නමැත්තාගේ බව පොලීසිය පවසයි.
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්
ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 3,180දෙනෙකු රාජකාරියේ යෙදවීමට නියමිත බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා පවසයි.
ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සූදානමක්
ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක සිටින බව ජනාධිපති මාධය අංශය පවසයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකටත් ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට අද (27) හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි
මකුළුදූව ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් යමින් සිටියදී අද (27) පෙරවරුවේදී දුරකථන කණුවක ගැටි එක් අයෙකු මිය ගොස් අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි.
කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවයක් සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කර තිබේ.
විපක්ෂ නායකවරයාගෙන් සැර ප්‍රකාශයක්
දේශපාලඥයා සේම සාමදාන විනිසුරුවන් දෙස ද ජනතාව විමසිල්ලෙන් බලා සිටින නිසා නිවැරදිව හා ස්වයං නියාමනයකට යටත්ව ආචාර ධාර්මිකව සිය සේවාව ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පානීය ජල බෝතල් ලෙස ඇසුරුම් කළ නීතිවිරෝධී මත්පැන් තොගයක් සුරාබදු නිලධාරීන් භාරයට
පොසොන් පොහෝ දිනයේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.