header logo
SLIC
උණුසුම් පුවත්
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්
Jun 27, 202606:30 PM
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්
EDEX

ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 3,180දෙනෙකු රාජකාරියේ යෙදවීමට නියමිත බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා පවසයි.

පොසොන් උත්සවයට සමගාමීව හෙට (28) දිනයේ රාත්‍රී කාලයේදී වීථි සංචාරය කිරීමට නියමිත ඓතිහාසික මිහිඳු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේදී පමණක් මහනුවර සිට යාපනය දක්වා දිවෙන A-9 මාර්ගයේ සහ අනුරාධපුර සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ මිහින්තල නගරය හරහා වැටී ඇති කොටස් තාවකාලිකව වසා තැබෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පැවසීය.

ඒ අනුව දඹුල්ල දෙස සිට යාපනය දෙසට ධාවනය වන වාහන, මිහින්තලා නගරයට පෙර හමුවන බෝංජි විහාරස්ථානය අසලින් වමට හැරී මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ ඔරලෝසු කණුව දක්වා ගමන් කර, එතැනින් ඉසුරු උයන මාවත ඔස්සේ A-9 මාර්ගයට පිවිසිය යුතු වේ.

එමෙන්ම යාපනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන, මිහින්තලේ ඇඟලුම් කම්හල අසලින් දකුණට හැරී, ඉසුරු උයන මාවත ඔස්සේ ඔරලෝසු කණුව මංසන්ධියට පැමිණ එතැනින් මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ A-9 මාර්ගයට පිවිසිය යුතු වේ.

පොසොන් පෝය දිනයේ දී මිහින්තලය නගරය හරහා A-9 මාර්ගය විවෘත කෙරෙන්නේ එක් දිශාවකට පමණක් වන අතර යාපනය දෙස සිට මහනුවර දෙසට ගමන් කරන වාහනවලට සුපුරුදු පරිදි මිහින්තල නගරය හරහා ගමන් කිරීමට හැකියාව පවතී.

කෙසේ වෙතත් මහනුවර ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශය (යාපනය) දෙසට ගමන් කරන වාහන බෝංජි විහාරය ඉදිරියෙන් වමට හැරී, මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ ගමන් කර නැවත A-9 මාර්ගයට පිවිසිය යුතු බව පොලිසිය දන්වා සිටියි.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ දන්සල් විශාල සංඛ්‍යාවක් සූදානම් කර ඇති අතර, එම දන්සල් පවත්වනු ලබන දායකයින්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ මාර්ගවල ගමන් කරන වාහනවලට සහ බැතිමතුන්ට කිසිදු බාධාවක් හෝ කරදරයක් නොවන අයුරින් එම දන්සල් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසය.

https://youtu.be/wJ-xNAq802U
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට