header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කරන්න යයි
Aug 19, 202604:15 PM
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කරන්න යයි
Mobitel 1278

කලාවැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන බෝවතැන්න ජලාශයේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා එළඹෙන අගෝස්තු මස 24 වැනිදා සිට එහි ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ජලාශය ඉදිකර වසර 50ක් ගතවීමෙන් පසුව මෙවැනි පූර්ණ නඩත්තු කටයුත්තක් සිදුකෙරෙන පළමු අවස්ථාව මෙය වන බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට තැන්පත් වී ඇති රොන්මඩ හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

කෙසේ වෙතත් මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන්  ජලාශයේ ජලය ඉවත් කිරීම නුසුදුසු බවට කටකතා පැතිරවීමට හැකි බවත්, එහෙත් මෙය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගත තීරණයක් බවත් ජලාශය භාර ඉංජිනේරු වැඩිදුරටත් සඳහන් කළේය.

බෝවතැන්න ජලාශයේ මුල් ජල පරිමාව කියුබික් මීටර් මිලියන 56ක් ලෙස ගණන් බලා තිබුණද, 2014 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එය කියුබික් මීටර් මිලියන 23ක් දක්වා අඩුවී ඇති බවය.

මීට අමතරව කලාවැවට ජලය සපයන උමං මාර්ගයේ මීටර් 4ක පමණ ප්‍රමාණයක් සහ විදුලි බලය නිපදවන ස්ථානය අසල මීටර් 6කට අධික ප්‍රමාණයක් රොන්මඩ පිරී පැවතීම නිසා කලාවැව ද්‍රෝණියට අවශ්‍ය තත්පරයට ඝන අඩි 1,000ක ජල ප්‍රමාණය නිසි ලෙස මුදා හැරීමට නොහැකි වී තිබේ.

දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය පදනම් කරගනිමින් මෙම නඩත්තු කටයුතු සැලසුම් කර ඇති අතර, දැනටමත් ජලාශයේ ජල මට්ටම ඝන මීටර් 11 දක්වා පහත බැස ඇත.

ඉවත් කරනු ලබන ජලය මේ වන විටත් කණ්ඩලම, කලාවැව සහ ඉබ්බන්කටුව යන ජලාශවල ගබඩා කර ඇති අතර, සති 3ක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතුවලින් පසුව සැප්තැම්බර් 14 වැනිදා සිට ජලාශය යළි පිරවීමට නියමිතය.

ජලාශය නැවත පිරවීමට අවශ්‍ය ජලය කොත්මලේ ජලාශයේ ගබඩා කර තබා ඇත.

මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ යන්ත්‍රසූත්‍ර යොදවා සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

එමෙන්ම ජලාශයේ තැන්පත්ව ඇති වැලි, නාඋල ප්‍රාදේශීය සභාව හා එක්ව ඉවත් කර රජයට ලබාදීමටද කටයුතු යොදා ඇත.

නඩත්තු කටයුතු සිදුකෙරෙන සති 3ක කාල සීමාව තුළ අඹන්ගඟේ වෙසෙන මත්ස්‍යයන් ඇතුළු පරිසර පද්ධතියේ පැවැත්ම සඳහා පොල්ගොල්ල වේල්ල හරහා සුදු ගඟ සහ අඹන්ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට අඛණ්ඩව ඝන අඩි 1,000ක ජල ධාරිතාවක් මුදා හැරීමට පියවර ගෙන ඇත.

ජලය හිස් කිරීමෙන් පසුව එහි මසුන් මැරීම හෝ සිරි නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. වසර 50ක් පුරා ජලාශ පතුලේ තැන්පත්ව ඇති රොන්මඩ අවදානම් බව හෙතෙම පැවසීය.

නඩත්තු කටයුතු අවසන් වීමෙන් පසු ජලාශයේ වැඩි ජල ප්‍රමාණයක් ගබඩා කිරීමටත්, කලාවැව ද්‍රෝණියට අවශ්‍ය ජල ප්‍රමාණය කාර්යක්ෂමව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල