header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
රටේ ආර්ථිකය ගැන හිටපු ජනපති රනිල්ගෙන් රතු එළියක්
Aug 18, 202608:03 PM
රටේ ආර්ථිකය ගැන හිටපු ජනපති රනිල්ගෙන් රතු එළියක්
Mobitel 1278

එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එළැඹෙන 2028 වසරෙන් පසුව විදෙස් ණය ගෙවීමට නැවත මෙරටට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවය.

මහ බැංකුව විසින් මෙම වසර අවසන් වන විට ඩොලර් බිලියන 8ක් පවතිනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා එසේ වන්නේ නම් තවත් ඩොලර් බිලියන 6ක් සෙවීමට සිදුවන බවද පැවසීය.

ඒ අනුව එම ඩොලර් බිලියන 6 සෙවීම සඳහා වැඩපිළිවෙළක් සෙවිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී මෙහිදී පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත "යුධ දෙකකට උර දී" යන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ. 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා. දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද ?, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද ?

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි. තාම පාර්ලිමේන්තුව ඇතුළේ වත් පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා. මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි.. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල