
මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ 19 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස මුදල් ගණුදෙනු (උණ්ඩියල් ක්‍රමයට) සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (18) සවස වේල්ලවීදිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.
එහිදී රුපියල් 10,467,000ක මුදලක් උපයාගැනීම සම්බන්ධව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 19 ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.





















