header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
22ට එරෙහිව පළමු දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් - සම්පූර්ණ කතාව
Aug 18, 202608:45 PM
22ට එරෙහිව පළමු දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් - සම්පූර්ණ කතාව
Mobitel 1278

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මගින්ය.

22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම අද ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින්ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ එහි අතිරේක ලේකම් එල්.අයි. වාකිෂ්ඨආරච්චි යන මහත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කරණු ලැබීය.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යයට සෘජුවම බලපෑමක් සිදුකරන බව පෙත්සම මගින් ඔවුන් පෙන්වාදුනි.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, මහානායක හිමිවරු, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, LAWASIA නීතිඥ සංගමය,, ජාත්‍යන්තර විනිසුරු සංගමය, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මාග්‍රට් සැටර්ත්වේට් සහ ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලය ඇතුළු බොහෝ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන මෙම පනත් කෙටුම්පතට දැනටමත් විරෝධය පළ කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්ය.

රජය මඟින් ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යය සමග සෘජුවම බලපෑමක් සිදුකරන අතර එහි දෙවැනි වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කලහොත් එම සංශෝධනය මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්ම, විනිසුරුන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය, පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර මූලධර්ම ගණනාවක් උල්ලංඝනය වන බවත් පෙත්සමින් පෙන්වාදී තිබේ.

ඒ අනුව,ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරු අසුන්ගෙන අදාල පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පරික්ෂා කර තීන්දුවක් ලබාදෙන ලෙසත් ,යෝජිත පනත් කෙටුම්පතේ දෙවැනි සහ තුන්වැනි වගන්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරන බැවින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍යනම් ඒවා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර සමගි ජන බලවේගයද අද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

එමඟින් ඔවුන් පෙන්වාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයකදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇතිකළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බවය.

මේ අතර සර්වජන බලයද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

එමෙන්ම මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

එමඟින් ඔහු ඉල්ලාඇත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත කළයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මේ අතර ෆ්‍රී ලෝයර්ස් සංවිධානයද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරිමට නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවස වෙත පැමිණියේය.

මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයද සිය මතය ප්‍රකාශ කළේය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල