උණුසුම් පුවත්

සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

(0)Comments | December 27, 2025  6:50 pm

වියට්නාමයේ බිහිසුණු අනතුරක් - 9දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු වියට්නාමයේ හැනෝයි ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයින් 9දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | December 27, 2025  6:37 pm

ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම් වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අංශ සූදානම් කර තබා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 27, 2025  6:01 pm

පහළ කඩුගන්නාවෙන් ඉහළ පහළ යන අයට දැනුම්දීමක්

නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමෙන් අනතුරුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි.

(0)Comments | December 27, 2025  5:52 pm

දන්ත වෛද්‍ය නිලධාරීන් 62ක් සුව සේවාවට

දන්ත වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය එළැඹෙන සඳුදා (29) දින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | December 27, 2025  5:34 pm

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තුන්වෙනි තැන

MakeMyTrip විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, උත්සව සමයේදී ඉන්දියානු සංචාරකයින් වැඩිම වශයෙන් වෙන්කර ගත් ජාත්‍යන්තර ගමනාන්ත අතර ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පැමිණ ඇත.

(0)Comments | December 27, 2025  5:24 pm

රන් මිල රු 12,000කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

(0)Comments | December 27, 2025  4:52 pm

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට වැසි

ඉදිරි පැය 36දී ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

(0)Comments | December 27, 2025  4:45 pm

නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට  ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීමට හෝ ඒ පිළිබඳව නැවත තීරණයක් ගත යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(0)Comments | December 27, 2025  4:35 pm

යුක්‍රේන හා අමෙරිකා ජනාධිපතිවරු අතර හමුවක් හෙට

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට දින සිදුකිරීමට නියමිතව තිබේ.

(0)Comments | December 27, 2025  4:18 pm

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි

මේ වසරේ ලක්ෂ 23 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ.

(0)Comments | December 27, 2025  4:16 pm

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

බොරැල්ල මිහිදු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 27, 2025  3:59 pm

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ PSOට ඇප

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

(0)Comments | December 27, 2025  3:33 pm

''පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවේ''

පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරවීම හරහා ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

(0)Comments | December 27, 2025  2:53 pm

ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

(0)Comments | December 27, 2025  2:02 pm

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවෙන් ලොකු වගකීමක්

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් අමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේගපපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබේ.

(0)Comments | December 27, 2025  1:52 pm

බූස්ස අධි ආරක්ෂිත සිරගෙදරින් ජංගම දුරකතන 133ක් මතුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

(0)Comments | December 27, 2025  1:01 pm

මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි.

(0)Comments | December 27, 2025  12:13 pm

සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පිරිසක් කොටු

සීදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 27, 2025  11:44 am

පෙරටුගාමීගෙන් ආණ්ඩුවට අභියෝගයක්

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය සෘජු ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

(0)Comments | December 27, 2025  11:41 am

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ.

(0)Comments | December 27, 2025  11:01 am

2026 ඡන්දදායක සංගණනය පෙබරවාරි 1 සිට

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.

(0)Comments | December 27, 2025  10:59 am

මෙවර නත්තල් දිනයේදී සිරකරුවන්ට පොදු සමාව අහිමි වෙයි

නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම ඉදිරියේදී සිදුකිරීමට බලාපො⁣රොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 27, 2025  10:45 am

ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | December 27, 2025  10:11 am

මුහුදේ ගසාගෙන ගිය විදෙස් කත හා ඇගේ දරුවා පොලිස් විරුවන් බේරාගනී

දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

(0)Comments | December 27, 2025  9:32 am