උණුසුම් පුවත්

පෝය දිනය අවසන් වනවිට දන්සල් 12,000කට අධික ගණනක් පරීක්ෂාවට

අද (29) පොසොන් පෝය දිනය අවසන් වනවිට දිවයින පුරා දන්සල් 12,883ක් පරීක්ෂා කර තිබේ.

(0)Comments | June 29, 2026  9:15 pm

කඩුවෙල කුණු කඩිනමින් ඉවත් කරන බවට රන්ජන් ජයලාල් කියයි 

කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවල මාර්ග අසල ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි. 

(0)Comments | June 29, 2026  8:23 pm

භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි

වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පා මාලාවෙන් එරට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කරන ආර්ජන්ටිනා ජාතික ක්‍රීඩකයෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | June 29, 2026  8:22 pm

ලොස් ඇන්ජලීස් ඔලිම්පික්වලට ක්‍රිකට් කණ්ඩායම් සුදුසුකම් ලබන හැටි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. 

(0)Comments | June 29, 2026  7:50 pm

දෙරණාභිවන්දනා උත්තම පොසොන් නමස්කාරය

සම්බුද්ධ දර්ශනය මෙරටට දායාද කරමින් අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අද (29) දිනට යෙදී තිබුණි.

(0)Comments | June 29, 2026  7:45 pm

අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු ලෙස පත් කෙරේ

කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු පරිපාලක රදගුරු හිමිපාණන් වන අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස වතිකානය විසින් පත්කර තිබේ.

(0)Comments | June 29, 2026  7:23 pm

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිල පහත වැටෙයි

ගල්ෆ් කලාපයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට මතු වූ බියත් සමඟ, ලෝක වෙළෙඳපොළේ රන් මිල පහත වැටී තිබේ.

(0)Comments | June 29, 2026  6:57 pm

වගා ළිඳකට වැටී මව සහ දියණිය අවසන් ගමන් යයි

ගලේවෙල, තෙන්නකෝන්පුර තුබාර වැවේ වගා ළිඳකට වැටීමෙන් සිදුවු අනතුරකින් මවක සහ දියණියක මියගොස් තිබේ.

(0)Comments | June 29, 2026  6:42 pm

ජර්මනියේ වෙඩිතැබීමක් - 5ක් මරුට

උතුරු ජර්මනියේ ස්ටේඩ් නගරයේ අද (29) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

(0)Comments | June 29, 2026  5:57 pm

අමෙරිකාව සහ ඉරානය අතර හෙට සාකච්ඡාව ස්ථිරයි

ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟවී තිබේ.

(0)Comments | June 29, 2026  5:45 pm

පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 30ක් සමඟ‍ තරුණයෙක් අත්අඩංගුවට 

මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 30ක් සමඟ පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 29, 2026  5:23 pm

පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 514 දක්වා ඉහළට

මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | June 29, 2026  5:22 pm

ලොග්ගල්ලා ඔය ජලාශයේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට 

රිදීමාලියද්ද - කුරුවිතැන්න, තොටිලේයාය ප්‍රදේශයේ ලොග්ගල්ලා ඔය ජලාශයේ ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට පත්ව තිබේ.

(0)Comments | June 29, 2026  4:57 pm

තරග පරාජයත් සමඟ ඉල්ලා අස් වූ දකුණු කොරියානු පාපන්දු පුහුණුකරුට මරණ තර්ජන

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමත් සමඟ, දකුණු කොරියානු පිරිමි ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොං ම්යුන්ග්-බෝ තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

(0)Comments | June 29, 2026  4:44 pm

හෙටත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | June 29, 2026  4:13 pm

තායිලන්ත තරුණියක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියානුවෙක් අත්අඩංගුවට

තායිලන්තයේ පතායා වෙරළබඩ නගරයේ දුම්රිය මාර්ගයක් අසල දමා තිබූ සංචාරක ගමන් මල්ලක් තුළ තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් සොයාගෙන ඇති අතර, එම ඝාතනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ.

(0)Comments | June 29, 2026  3:59 pm

ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ පහළට

බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පළමු ටෙස්ට් තරගයේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකාව අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් පහළ බැස තිබේ.

(0)Comments | June 29, 2026  3:51 pm

IRD නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට 

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 29, 2026  3:33 pm

දිවයින පුරා දන්සල් 7,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට

පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දන්සල් 7,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

(0)Comments | June 29, 2026  2:39 pm

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,450ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ කරාකස් අගනුවර ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 1,450 මියගොස් ඇති බව තහවුරු කර තිබේ.

(0)Comments | June 29, 2026  2:09 pm

දිට්වා නිසා හානි වූ මඩකළපුව ඉස්සන් ගොවීන්ට මූල්‍යාධාර

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපොළ හිමියන් වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රධානය කිරීමේ වැඩසටහනක් ඊයේ (28) පැවැත්වුණි.

(0)Comments | June 29, 2026  1:55 pm

කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) අලුතින් ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය ඇතුළු අතිනවීන රෝගී සත්කාරක පහසුකම් කිහිපයක් හෙට (30) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

(0)Comments | June 29, 2026  1:42 pm

රු. ලක්ෂ 42ක විදෙස් දුම්වැටි තොගයක් සමග චීන කතක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 42ක වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ විදෙස් කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 29, 2026  1:11 pm

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,000 පනී

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.

(0)Comments | June 29, 2026  12:28 pm

රථවාහන ගමනාගමනය සීමා කිරීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

පොසොන් පෙරහැර කිහිපයක් පැවැත්වීම හේතුවෙන් අද (29) සහ ඉදිරි දිනයන්හි මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි.

(0)Comments | June 29, 2026  12:14 pm