උණුසුම් පුවත්
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ
පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු හෙට (29) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්
දෝහා සිට අද (28) පෙරවරුවේ කටුනායක බලා පැමිණි ගුවන්යානයක් තුළ සැක සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටින බවට ලද තොරතුරක් හේතුවෙන් එම යානය විශේෂ සෝදිසියකට ලක්කර තිබේ.
ඉන්දියාවේ දේශසීමා හරහා මෙරටට සිදුකරන ගංජා ජාවාරමක් තොරතුරු හෙළිවෙයි
ඉන්දියාවේ ආන්ද්‍රා - ඔඩිෂා දේශසීමාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට සිදුකරන ගංජා ජාවාරමක් පිළිබඳව ඉන්දීය පොලිසිය විසින් පළමුවරට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත අද (28) පැමිණියේය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රටම එකට ජාතික මෙහෙයුමෙන් 840දෙනෙකු අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 840දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා සාර්ථක පල නෙලා ගැනීමට සැබවින්ම අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරු සමග ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවක් සිදු කර නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.
ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන
අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනිඅවි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචියට ලබාදී ඇති කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්
ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දෙසැම්බර් 16වනදා දක්වා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී තිබූ කාලය, ජනවාරි 16වනදා තෙක් දීර්ඝ කරන ලෙස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
වතුකම්කරුවන් පිරිසකගේ දිනක වැටුප Rebuilding අරමුදලට
වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.
මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද
මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) පැවැත් වේ.
බඳින තුවක්කුවක් පත්තු වී තරුණයෙකු ජීවිතක්ෂයට
මැදවච්චිය, උඩුම්බුගලවත්ත ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන බදාදා
"හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය.
මෙරට මුහුදු තීරය උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්
පේරු රාජ්‍යය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල
අයගම, සමරුගම ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි
ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.
2026 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුම්වත්ද?
2026 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 03ක් පමණි.
මිනුවන්ගොඩදී විදෙස් රටක ගිනිඅවියක් සහ ටී 56 පතරොම් සහිතව අයෙක් අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25ක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබේ.
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහලට
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් අද (27) පස්වරුවේ දුම්රියේ ගැටී තිබේ.
ඩකා කැපිටල්ස් සහාය පුහුණුකරු හෘදයාබාධයකින් මරුට
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇදවැටීමෙන් අනතුරුව මියගොස් තිබේ.
හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.