උණුසුම් පුවත්

ලක්ෂ ගණනක චීන දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට

රුපියල් හැට හතර ලක්ෂ අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 30, 2026  4:45 pm

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

(0)Comments | June 30, 2026  4:43 pm

ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ - විශේෂ දුරකතන අංකයකුත් හඳුන්වා දෙයි

ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

(0)Comments | June 30, 2026  4:19 pm

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | June 30, 2026  4:07 pm

වෙනිසියුලානු වැසියන් කබලෙන් ළිපට

වෙනිසියුලාවේ සිදු වූ භූමිකම්පා හේතුවෙන් එරට සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි බලපෑමකට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

(0)Comments | June 30, 2026  4:02 pm

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණයේ ශාලා අංක 01හි දී අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.

(0)Comments | June 30, 2026  3:46 pm

කාන්තා T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද 

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | June 30, 2026  3:02 pm

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | June 30, 2026  2:26 pm

පොලීසියට චන්ඩි පාට් දැම්ම 5ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පෑ සැකකරුවන් පස්දෙනෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 30, 2026  2:19 pm

පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

ඉන්ධන මිල අඩු වුව ද පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ කුලී ගාස්තු අඩු නොවන බව එම සංගම් පවසා තිබේ.

(0)Comments | June 30, 2026  2:10 pm

නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

(0)Comments | June 30, 2026  2:05 pm

අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ

අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.

(0)Comments | June 30, 2026  1:50 pm

වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ වෙයි 

තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරින්ට සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබේ.

(0)Comments | June 30, 2026  1:29 pm

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,700 සීමාව පනී 

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,700 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | June 30, 2026  12:55 pm

රුපියල් කෝටියක් වටින සුපර් බයික් සමඟ මාට්ටු වූ ව්‍යාපාරිකයා

මෙරට ලියාපදිංචි කළ නොහැකි කෝටියකට අධික වටිනා අධිබලැති නවීන පන්නයේ යතුරුපැදි පහක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 30, 2026  12:24 pm

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | June 30, 2026  12:06 pm

මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි - ජනතාව දැඩි පීඩාවට

මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව භාවිත කරන ප්‍රධාන පාලම් අතරින් එකක් වන 'අලුත් පාලම' දෙකඩවී තිබේ. 

(0)Comments | June 30, 2026  11:53 am

ඩෙංගු රෝගීන් 54,000 පනී

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.

(0)Comments | June 30, 2026  11:46 am

නිරන්තරයෙන් වෙනස්වෙන රුපියලේ අද අගය

මහ බැංකුව විසින් අද (30) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.66ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.30ක් ලෙස සටහන් වී තිබේ.

(0)Comments | June 30, 2026  11:39 am

නියමිත බස් ගාස්තුව නොලැබුණොත් ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙනවා - ගැමුණු

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී ඊයේ (29) දින ඩීසල් මිල අඩු කරමින් ආණ්ඩු බස් හිමියන්ට වංචාවක් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

(0)Comments | June 30, 2026  11:21 am

දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට රැගෙන ආ පිල්ලෙයාන්ට ලැබුණු තීන්දුව

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | June 30, 2026  11:04 am

IMF නියෝජිතයින්ගේ මෙරට සංචාරය අවසන් 

මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අද (30) දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සහ IMFහි 'විස්තීර්ණ අරමුදල් පහසුකම' යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පසුගිය ජූනි මස 24 වන දින දිවයිනට පැමිණියේය.

(0)Comments | June 30, 2026  10:55 am

1983න් පසු අමෙරිකාවේ තෙල් සංචිත අවම මට්ටමට වැටෙයි

අම‍ෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, එරට ප්‍රධාන තෙල් සංචිතයෙන් තවත් බොරතෙල් බැරල් මිලියන 5.5ක් අඩු වී තිබේ.

(0)Comments | June 30, 2026  9:43 am

ජය සමරන්න පැරගුවේ ජනතාවට ලැබුණු නිවාඩුව 

පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ ජර්මනිය කණ්ඩායම පරාජය කිරීමේ සතුට සැමරීම සඳහා අඟහරුවාදා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පැරගුවේ ජනාධිපති සැන්ටියාගෝ පෙනා කටයුතු කර තිබේ.

(0)Comments | June 30, 2026  7:43 am

ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

(0)Comments | June 30, 2026  7:28 am