වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,700 සීමාව පනී 

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,700 සීමාව පනී 

June 30, 2026   12:55 pm

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,700 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මියගිය ගණන 1,719ක් බව විදෙස් වාර්තා පවසයි.

උතුරු වෙනිසියුලාවේ 'ලා ගුවයිරා' (La Guaira) ප්‍රාන්තයට බලපෑබලපෑ ප්‍රබල භූකම්පන දෙකකින් මේ වන විට පුද්ගලයන් 5,034 දෙනෙකු තුවාල ලබා ඇත. 

එලෙසම තවත් දස දහස් ගණනක් අතුරුදන්ව ඇති බව සඳහන් වෙයි.

පසුගියදා වෙනිසියුලාවට බලපෑ රික්ටර් පරිමාණයේ 7.2 සහ 7.5ක අගයකින් යුත් ප්‍රධාන භූමිකම්පාවලින් පසු මේ වනවිට පසු කම්පන 600කට වඩා සිදුව ඇත.