උණුසුම් පුවත්
හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්
හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ.
විදෙස් දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා Green Channel ඔස්සේ රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (29) ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය
උතුර, නැගනෙහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් හෙට (30) විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් මිලියන 200 ඉක්මවූ කුෂ් තොගයක් සමග 4ක් කටුනායකදී කොටුවෙයි
රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (29) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එළැඹෙන වසරේ වෙසක් පුන් පොහෝ දිනය ගැන ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් ව තිබේ.
සංචාරක පැමිණීම ඉතිහාසගත වෙයි
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබේ.
ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි.
ජීවන ගීතය ගයා නිම කළ ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීමට ජනතාව පෙළගැසෙයි
අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අවසන් බුහුමන් සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක අදත් (29) තැන්පත් කර තිබේ.
අපරික්ෂාකාරීව රිය ධාවනය කළොත් ඉදිරියේදී වැඩ වරදියි
ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පවසයි.
වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත විය.
පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම යළි ආරම්භ කෙරේ
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නාවනු ලබන මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම යළි ආරම්භ කරනු ලැබූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළ මට්ටමක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබේ.
පෙම්වතාට දුරකථන ඇමතුමක් ගෙන ගිංඔයට පැන්න තරුණිය අතුරුදන්
වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ කොටුව සිට හලාවත දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹෙයි
පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ වේ.
2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්
අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.
හොරණ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්
හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කර්මාන්ත ශාලාවක අද (29) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබේ.
මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීම - ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
මන්නාරම අධිකරණය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 16වනදා පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
EPF සාමාජිකත්වයේ සේවාවන් අද සිට ඩිජිටල් වෙයි
සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (29) ආරම්භ වීමට නියමිතව තිබේ.
ආපදාවෙන් හානියට පත් වගාවන් සඳහා සහනාධාර ගෙවීමේ ප්‍රගතිය ගැන දැනුම්දීමක්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වී සහ අනෙකුත් වගාවන් සඳහා සහනාධාර සහ වන්දි ගෙවීම් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම වසරේ රේගු ආදායම ඉතිහාසගත ලෙස ඉහළට
වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රුසියානු - යුක්‍රේන යුද්ධය නැවැත්වීමට සෙලෙන්ස්කි ට්‍රම්ප් හමුවෙයි
යුක්‍රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබේ.
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ, ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී විනාශ වූ පාලම වෙනුවට විකල්ප පාලමක් ලෙස බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.