header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය අද
Jul 01, 202609:56 AM
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය අද
Mobitel 1278

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ, අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමිනි.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ, වසර 105ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවරදි මාවත ද විවර කර ඇති බවය.

මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කර ඇති වසර 105ක මෙම ගමන්මඟ, ලෝක ඉතිහාසයේ ගමන් මඟට ද ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත්ව ගොඩනැගීමට චීන කොමියුනිස්ට් පක්ෂය දායක වී ඇති බවත් ඔහු පැවසීය.

පක්ෂයේ මූලික න්‍යායයන්ට සහ මූලික ප්‍රතිපත්තියට අනුගතව ඓතිහාසික ජයග්‍රහණ වෙනුවෙන් සමස්ත පක්ෂයම සෑමවිටම ජනතාව මත විශ්වාසය තැබිය යුතු බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි ගමන් මඟ තුළ මතුවිය හැකි අවදානම් සහ අභියෝගයන්ට සමස්ත පක්ෂයම සක්‍රීයව ප්‍රතිචාර දැක්විය යුතු බව ද චීන ජනපති මහතා පැවසීය.

තවද, සමස්ත පක්ෂය තුළම පූර්ණ සහ දැඩි ස්වයං පාලනයක් ඉදිරියට ගෙන යා යුතු බව ද චීන ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර, පක්ෂය හා ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමෙන් සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින පක්ෂ සාමාජිකයන් 08 දෙනෙකු වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම ගෞරවයට හිමිකම් කියනු ලබන ‘ජූලි 1 පදක්කම’ පිරිනැමීම ද මෙම සැමරුම් උත්සවයේදී සිදුකෙරුණි.

පක්ෂය වෙනුවෙන් විශාල දායකත්වයන් ලබා දුන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මෙන්ම කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ද මෙහිදී ඇගයීමට ලක්විය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana