
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ.
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
දැනට සිදු කරන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත.
එම විමර්ශනයේ කොටසක් ලෙස අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රකිත රාජපක්ෂගේ නිවස වෙත ගොස් තිබේ.
කෙසේවෙතත්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ නිවේදනය භාරදීමට යන අවස්ථාවේ දී රකිත රාජපක්ෂ නිවසේ සිට නොමැති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.



















































