
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක් මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද(29) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
යහපාලන රජය සමයේ මෙම විමර්ශනය ආරම්භ කර 2016 වසරේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.
මෙම නඩුකරය අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්ය සමරනායක, සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත් මෙම නඩු කෘත්යය පිළිබඳ නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.
ඒ අනුව මෙම නඩුකරය පෙබරවාරි මස 11වනදා යළි කැඳවන ලෙස නියෝග කළ මහෙස්ත්රාත්වරයා එදින නීතිපති උපදෙස් පිළිබඳ කටයුතු වල ප්රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.



















































