
කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ කුඩා වෑන් රථයක් සහ නුවර දෙස සිට කොළඹ දෙසට ගමන්කළ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අද(29) උදෑසන සිදුවූ අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ මාවනැල්ල, දෙවනගල ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන ත්රීරෝද රථයේ රියදුරුය.
ඔහු මේ වන විට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව සඳහන් වෙයි.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිස් රථවාහන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරනු ලබයි.



















































