යාපනය ශික්ෂණ රෝහලට නවීන කැත් රසායනාගාර ඒකකයක්
June 27, 2026 10:09 pm
උතුරු පළාතේ ප්‍රධානතම හා එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කළ AI තාක්ෂණයෙන්ද සමන්විත අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනතා අයිතියට පත්කළේය.
රුපියල් මිලියන 300ක වියදමින් ස්ථාපිත කළ මෙම නවීන රසායනාගාර ඒකකය, හෘද රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘතියක ප්රතිඵලයකි.
මෙම නව පහසුකම හරහා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 11කට අධික ජනතාවට හෘද රෝග සම්බන්ධ විශේෂිත ප්‍රතිකාර සේවා තම පළාත තුළම ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.
එමෙන්ම අනුරාධපුර, බදුල්ල, ත්‍රිකුණාමලය හා අවට දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවටද ප්‍රතිකාර සේවාවන් මෙම ඒකකය මගින් සපයනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේ දී තවත් ප්‍රධාන රෝහල් ත්‍රිත්වයක මෙවැනි අතිනවීන තාක්ෂණයෙන් යුත් කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
කැතීටකරණ රසායනාගාරය හෘදය හා රුධිර නාල පද්ධතිය ආශ්රිත රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද අති නවීන වෛද්‍ය පහසුකමකි.
මෙහිදී කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ, ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්රිත මැදිහත්වීම් මෙන්ම හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා විශේෂ පරීක්ෂණ හා ප්‍රතිකාර ඇතුළු ජීවිතාරක්ෂක සේවා රැසක් සිදු කෙරේ.
මෙම නවීන Cath Lab පහසුකම මගින් විවෘත හෘද ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත සහ අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.
එම අවස්ථාවෙන් අනතුරුව අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකකය, නේවාසික වාට්ටු, කෞතුකාගාරය, රසායනාගාර, CT ස්කෑන් ඒකකය සහ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රෝහලේ ප්‍රධාන අංශ හා ඒකක රැසක් නිරීක්ෂණය කළ අතර, රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු කළේය.
එකෝ කාඩියෝ ග්‍රෑම් පරීක්ෂණ සදහා භාවිතා කරනු ලබන රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමකින් යුත් එකෝ යන්ත්‍රයක් සහ ප්‍රතිකාර සේවාවන් සදහා භාවිතා කරනු ලබන අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම තවත් රෝහල් උපකරණ තොගයක්ද මෙහි දී අමාත්‍යවරයා විසින් යාපනය ශික්ෂණ රෝහලට භාරදීමට කටයුතු කර ඇත.
Sucker, Multi Monitor, Syringe Pump,Infusion Pump ඇතුළු වෛද්‍ය උපකරණ හා අනෙකුත් රෝහල් උපකරණ උපකරණ මෙන්ම රෝද පුටු ද එම භාණ්ඩ තොගයට ඇතුළත් වේ.
