header logo
SLIC
උණුසුම් පුවත්
පාපන්දු ලොව රජුන් තෝරන අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේ
Jul 19, 202607:17 PM
පාපන්දු ලොව රජුන් තෝරන අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේ
EDEX

මුළුමහත් ලෝකයේම අවධානය දිනාගත් අතිශය උද්වේගකර තරගාවලියක් වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (19) මධ්‍යම රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ලෝක පාපන්දු කිරුළ තමන් සතු කරගැනීම වෙනුවෙන් ලෝක පාපන්දු පිටියේ දැවැන්තයින් දෙදෙනෙකු වන ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අද මධ්‍යම රාත්‍රී 12.30ට ඓතිහාසක සටනකට එක්වීමට නියමිතය.

මෙවර තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ වත්මන් ලෝක ශූරයින්වන ආර්ජන්ටිනා කණ්ඩායම, මූලික වටයේ සිට උපක්‍රමශීලීව අවසන් මහා තරගය දක්වා පැමිණ සිය කිරුළ රැකගැනීමේ අරමුණෙන් පසු වේ.

අනෙක් පසින්, වේගවත් මෙන්ම ආකර්ෂණීය ක්‍රීඩා රටාවකට උරුමකම් කියන ස්පාඤ්ඤ කණ්ඩායම, අවසන් සටනට පිවිසෙන්නේ වසර 16කට පසු පාපන්දු ලෝක කුසලානයක් ජයගැනීමේ අරමුණෙනි.

බලසම්පන්න ආර්ජන්ටිනා ඉදිරිපෙළ සහ ස්පාඤ්ඤයේ අතිශය වේගවත් මැදපෙළ අතර අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන මෙම සටන, පාපන්දු ඉතිහාසයේ තියුණුම අවසන් සටනක් වනු ඇතැයි විචාරකයින් මත පළ කරයි.

මේ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රාහකයන් වෙනුවෙන් සුවිශේෂී ශූරතා මුදු පිරිනැමීමද තරගයෙන් අනතුරුව සිදුකිරීමට නියමිත අතර මෙම විශේෂ මුදු 2026ක් නිෂ්පාදනය කිරීමට සංවිධාකයින් පියවර ගෙන තිබේ.

මෙයින් මුදු 30ක් මෙවර ලෝක ශූරයින්ට සහ පුහුණුකරුවන් වෙනුවෙන් වෙන් කරනු ලබන අතර ඉතිරි 1996 ප්‍රෙක්ෂකයින්ට මිල ඳි ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වු තරගය අද අලුයම පැවැත්වුණේ ප්‍රංශය සහ එංගලන්තය අතරය.

එම තරගය ගෝල 6 ට 4 ක් ලෙස ජයගත් එංගලන්තය තුන් වැනි ස්ථානය දිනාගත්තාය.

එහිදී ගෝල 2ක් ලබාගත් ම්බාපේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ගෝල 10 ක් ලබාගෙන වාර්තාවක් පිහිටුවූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වූ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී අභිබවා යමින් ඔහු වැඩිම ගෝල ලාභියාගේ වාර්තාව තමන් සතු කරගැනීමට ද සමත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට