
මොරටුව, රාවතවත්ත ප්‍රදේශයේ වේල්ස් කුමරි විදුහල ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් රිය අනතුරක් සිදුව ඇත.
අද (19) පස්වරුවේ මොරටුව ප්‍රදේශයේ සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම මෝටර් රථය, එකවරම පාලනයෙන් මිදී මාර්ගය මධ්‍යයේ ඇති ආරක්ෂිත වැට ද කඩාගෙන කොළඹ සිට මොරටුව දෙසට ධාවනය වන අනෙක් මන්තීරුවට ඇතුළු වී මෙලෙස පෙරළී ගොස් තිබේ.
අනතුරින් මෝටර් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කර තිබේ.
අනතුරින් ඔවුන් කිසිවෙකුටත් බරපතළ තුවාලයක් සිදුවී නොමැති බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







































