උණුසුම් පුවත්
ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න වෙලා - බිමල් රත්නායක
හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දියඹේදී අසාධ්‍ය වූ ධීවරයෙකුගේ දිවි බෙරා ගන්න නාවික හමුදාවේ සහාය
දකුණු මුහුදේ දී අසාධ්‍ය ත්ත්වයෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා අද (19) උදෑසන කටයුතු කර තිබේ.
හලාවතින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්
ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබේ.
Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්
"Rebuilding Sri Lanka" ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ.
නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ
ඔබේ නමත් සඳට යැවීමට නාසා ආයතනයෙන් අවස්ථාව
නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.
මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ
මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
"බාලදක්‍ෂ මාවත" ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ
කොළඹ "බාලදක්ෂ මාවත" ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340ක් වන අතර පළල මීටර් 11ක් වේ.
ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.
06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්
තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
දිවයින පුරා මූල්‍ය වංචා රැසක් සිදු කළ අයෙක් කොටු
රට පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට යමින් එහි සේවකයින් සූක්ෂම අයුරින් රවටමින් මුදල් ලබා ගත් තරුණයෙකු අද (19) උදෑසන කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි
නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ.
දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්
බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් - පුද්ගලයින් 02ක් මරුට
උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ජල ටැංකියක තිබී ගිනිඅවියක් සොයාගනී
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ.
චිලි රාජ්‍යයේ දරුණු ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18ක් මරුට
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
සෑම දරුවෙකුටම ආදරණීය රැකවරණයක් සැලසීම රජයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
මුල් ළමා විය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් රජය පියවරයන් රැසක් ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තට
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
නවගමුවේ වෙඩිතැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.