උණුසුම් පුවත්

චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් - පුද්ගලයින් 02ක් මරුට

උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

(0)Comments | January 19, 2026  9:18 am

ජල ටැංකියක තිබී ගිනිඅවියක් සොයාගනී

කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ.

(0)Comments | January 19, 2026  8:47 am

චිලි රාජ්‍යයේ දරුණු ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18ක් මරුට

චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | January 19, 2026  8:24 am

සෑම දරුවෙකුටම ආදරණීය රැකවරණයක් සැලසීම රජයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

මුල් ළමා විය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් රජය පියවරයන් රැසක් ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

(0)Comments | January 19, 2026  8:10 am

අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

(0)Comments | January 19, 2026  7:53 am

නවගමුවේ වෙඩිතැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 19, 2026  7:11 am

ආනයනික ලුණු අඩංගු බහාලුම් 1000කට වැඩි සංඛ්‍යාවක් වරායේ සිරවී මාස 6ක්

ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් කාලය අවසන් වීමෙන් පසු මෙරටට ආනයනය කළ ලුණු අඩංගු බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් මාස 06කට අධික කාලයක් වරායේ ගුදම්වල සිරව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

(0)Comments | January 19, 2026  6:52 am

නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(0)Comments | January 19, 2026  6:43 am

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 21ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | January 19, 2026  6:33 am

අදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 19, 2026  6:11 am

පාකිස්තානයත් මතභේදාත්මක තීරණයක් ගන්න සැරසෙයි?

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?... පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත.

(0)Comments | January 18, 2026  11:29 pm

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට

2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

(0)Comments | January 18, 2026  10:35 pm

ඉන්දියාව වසර 37ක් පුරා සුරැකි අභිමානයක් බිඳවැටෙයි

සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය කණ්ඩායම සමත් විය.

(0)Comments | January 18, 2026  9:40 pm

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ - අමාත්‍ය උපාලි පන්නිලගේ

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

(0)Comments | January 18, 2026  8:54 pm

නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු බදාදා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

(0)Comments | January 18, 2026  8:43 pm

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට යන ලකුණු

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. 

(0)Comments | January 18, 2026  8:13 pm

ඉරාන විරෝධතාවලින් මිය ගිය සංඛ්‍යාව 5,000 දක්වා ඉහළට

ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(0)Comments | January 18, 2026  7:29 pm

නීතිවිරෝධීව ජංගම දුරකථන 397ක් මෙරටට ගෙනා ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොරව රුපියල් මිලියන 34 කට වඩා වටිනාකමකින් යුතු ජංගම දුරකථන තොඟයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 18, 2026  7:27 pm

2025 වසරේදී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් ගැන සම්පූර්ණ විස්තරේ

2025 වසරේදී සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,821යි ග්‍රෑම් 174ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

(0)Comments | January 18, 2026  6:43 pm

ඉතිහාසයේ කරපු ලොකුම වැරැද්ද ගැන කියන නාමල්

පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | January 18, 2026  6:29 pm

සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ 'BBNJ' ගිවිසුම බලාත්මක කෙරේ

සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා කලක සිට සාකච්ඡා මට්ටමින් තිබූ 'BBNJ' ගිවිසුම බලාත්මක කර තිබේ.

(0)Comments | January 18, 2026  6:28 pm

වංචනිකව ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරගැනීම් ගැන දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබාදෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය  පවසයි.

(0)Comments | January 18, 2026  5:15 pm

ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය වැසේ 

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ. 

(0)Comments | January 18, 2026  5:11 pm

කාලගුණයේ වෙනසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 18, 2026  4:45 pm

බෝ නොවන රෝග සෞඛ්‍ය සේවයට විශාල අභියෝගයක් බව සුව ඇමති කියයි

මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ප්‍රධානතම අභියෝගය බෝ නොවන රෝග බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

(0)Comments | January 18, 2026  4:41 pm