උණුසුම් පුවත්
අලුත්වැඩියා කරමින් තිබූ පාලමක් කඩාවැටී පුද්ගලයෙක් මරුට
යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකු අද (21) සවස එම පාලම කඩාවැටී මියගොස් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් වචන හුවමාරුවක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.
උද්ධමනය අඩුවෙයි
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව නිවේදනය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.
පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් දැනුම්දෙයි.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යලි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
IMF එකඟතාවය ගැන ජනපතිගෙන් සුබ පණිවුඩයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.
රමේෂ් - රොෂාන් - ප්‍රසන්න CIDයට එයි - හරීන් අද නොයයි
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
කථානායක ධුරය අශෝක රංවලට
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රංවල මහතා ඒකමතිකව තේරී පත්විය.
යුක්‍රේනය බ්‍රිතාන්‍ය යේ නිෂ්පාදිත දිගුදුර මිසයිල රුසියාවට එල්ල කරයි
බ්‍රිතාන්‍ය විසින් සපයන ලද "ස්ටෝර්ම් ෂැඩොව්" දිගු දුර මිසයිල ප්‍රථම වරට රුසියාවට එල්ල කළ බව යුක්‍රේනය පවසයි.
10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹේ
10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ කර තිබේ.
විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක්
විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පවසයි.
IMF නියෝජිතයින් විශේෂ හමුවක - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් සාකච්ඡා
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අයිස් කිලෝ 160ක් සහ හොරොයින් කිලෝ 60ක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හොරොයින් කිලෝග්‍රෑම් 60ක් සමග පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද හවස - කථානායක රංවල ?
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ.
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ.
දික්වැල්ලේ වෙඩිතැබීමක් - අයෙක් මරුට
දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
බස්නාහිරට, සබරගමුවට සහ දකුණට මි.මී 100 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
රිළා හානි ප්‍රමුඛ සත්ත්ව හානි පාලනයට විශේෂ ඒකකයක්
පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිළවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
නිවසකට පැන්න කල්ලියක් රු කෝටි 2ක් කොල්ලකයි
නිවසකට ඇතුළුවූ කල්ලියක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලක් කොල්ලකා පළාගොස් තිබේ.
කාන්තාවකගේ ගර්භාෂයේ කිලෝ 10ක් බරැති ගෙඩියක්
කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් බරැති ගෙඩියක් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.
E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය
යම් යම් පාර්ශ්ව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E-8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමුවී තිබේ.